Colombo Today Local News

ජාත්‍යන්තරයට යන නිල් කටරොළු

නිල් කටරොළු මල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා මේ වනවිට යුරෝපය ඇතුළු ජාත්‍යන්තර වෙළෙඳපොලෙහි ඉහළ ඉල්ලුමක් පවතින අතර විශේෂයෙන් නිල් කටරොළු මල් වේලා ඉන් සකසා ගන්නා නිල් කටරොළු තේ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඉහළ මිලකට අලෙවි වේ.

පිලිපීනය, තායිවානය වැනි රටවල් ද මේ වනවිට මෙම වගාවට යොමු වී ඇති අතර අප රටේ වළස්මුල්ල ඔමාරගම ගමේ කාන්තාවන් 60 දෙනෙකු පමණ මේ වනවිට නිල් කටරොළු මල් වගාවට අවතීර්ණව සිටී.

වේලන ලද නිල් කටරොළු මල් පුද්ගලික සමාගමක් මඟින් විදේශ රටවලට අපනයනය කරන අතර ඔවුන්ට එමඟින් විශාල ආදායමක් මාසිකව ඉපයීමට හැකියාව පවතී.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (10) ඔමාරගම ගමේ නිල් කටරොළු මල් වගාව හා සැකසුම් මධ්‍යස්ථානය නිරීක්ෂණයට සහභාගි විය.

වේලන ලද නිල් කටරොළු මල් කිලෝ ග්‍රෑම් එකක් සෑදීම සඳහා අමු මල් කිලෝ ග්‍රෑම් 10ක් අවශ්‍ය බවත් වේලන ලද නිල් කට්රොළු මල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 5,000ක් වැනි මිලකට අලෙවි කරන බවත් සඳහන් වේ.

මෙම මල් වියැලීම සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර හා සැකසුම් මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ව්‍යාපෘතියක් මඟින් අවශ්‍ය අරමුදල් සැපයීමට හැකි බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

පිලිපීනය, තායිලන්තය වැනි රටවල මෙම නිල් කටරොළු මල් තේ පානය කරන්නේ රාත්‍රී ආහාරයෙන් පසු පැණි හෝ දෙහි යුෂ සමගය.

එමෙන්ම නිල් කටරොළු බත්, කේක්, ජෙලි, සරුවත්, පෑන් කේක් වැනි ආහාර සඳහා ස්වභාවික ආහාර වර්ණකයක් ලෙසට ද නිල් කටරොළු මල් භාවිතා කළ හැකි බව සදහන් වේ.

Related posts

අවවාද නොතකා ගංවතුර, නායයාම් බලන්න ආ 18ක් මරුට !

colombotoday

ඡන්දය දිය යුතු කෙනා ජනතාව තීරණය කර ඉවරයි – අගරදගුරුතුමා

colombotoday

මන්ත්‍රීවරුන්ගේ තොරතුරු 20 පෙර ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මහ ලේකම් ඉල්ලයි

colombotoday

නියෝමාල් රංගජීවගේ ස්ථාන මාරුව ජනපති මැදිහත්වීමෙන් නවතී…

colombotoday

උමා ඔය ව්‍යාපෘතිය ප්‍රමාදයෙන් කෝටි 4,500ක පාඩුවක්

Admin

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් සලකා බැලීම අදත්

colombotoday