Colombo Today Local News

නෙළුම් කුළුණ හදන හැටි බලන්න ජනපති යයි (Photo)

ශ්‍රී ලංකාවේ උසම ඉදිකිරීම ලෙස සැලකෙන නෙළුම් කුළුණෙහි ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (05) පෙරවරුවේ එක් විය.

අදාළ ඉංජිනේරුවන් සමග කතා බහක නිරතවෙමින් පවතින අඩුපාඩු පිළිබඳ විමසා බැලු ජනාධිපතිවරයා ව්‍යාපෘතියේ කටයුතු කාර්යක්ෂම කිරීමට ද උපදෙස් ලබා දුන්නේය.

ඉදිකිරීම් අවසන් වූ පසු අකුණු සන්නායක කණුවද සහිතව කුළුණේ සම්පූර්ණ උස මීටර් 350 ක් වන අතර මහල් තුනකින් සමන්විත එහි සුඛෝපභෝගී සාප්පු සංකීර්ණ, භෝජනාගාර, උත්සව ශාලා හා නැරඹූම් මැදිරියක් ද ඉදි කෙරේ.

2012 පෙබරවාරි මස ආරම්භ වූ මෙහි සියලූ ඉදිකිරීම් ලබන වසරේ මාර්තු මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂිතය.

Related posts

රාජ්‍ය පොසොන් උත්සවය මෙවරත් මිහින්තලා රාජ මහා විහාරයේදී

Admin

ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත අත්අඩංගුවට

colombotoday

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු ඉහළට

colombotoday

ඩෙංගු රටම ගිලගනී.. සෞඛ්‍ය අමාත්‍යාංශය ඩෙංගු රෝගීන් ගණනය කිරීමත් අතහැර දමයි !

colombotoday

තම දඬුවම ගැන නැවත සලකා බලන්න – රන්ජන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

colombotoday

අර්ජුන් ඇලෝසියස් ආගිය අතක් නෑ !!

colombotoday