Colombo Today Local News

ගෝඨාට ජනාධිපති වෙන්න ලැබෙන්න. නවීන් දිසානායක සුභ පතයි

ජනතාව  මේ වන විට පවතින ගැටලුවලින් උඩට ඒමට  අපේක්ෂා කරන බවත් ඒ වෙනුවෙන් ඇති පිළිතුර තමන් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඊයේ  (20දා) කොළඹදී පැවැති ආගමික වැඩසටහනකින් පසුව අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එසේම මෙම උත්සව සභාවට අමාත්‍ය නවින් දිසානායක මහතාද එක්ව සිටි අතර එහිදී අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා අනාගත ජනාධිපති අපේක්ෂකයා  බවයි.

එයට පිළිතුරු දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ නවීන් දිසානායක මහතාගේ මාමණ්ඩිය වන කථා නායක කරු ජයසූරිය අනාගත ජනපති අපේක්ෂකයා වන බවට තමන් දන්නා බවයි.

නවීන් දිසානායක – “මේ කෙටි උත්සව සභාව ඉතාමත් ඉක්මනින් අවසන් ගෝඨාට ජනාධිපති වෙන්න නවීන් දිසානායක සුභ පතයි කරනවා. අපෙගේ අනාගත ජනාධිපති අපේක්ෂකතුමාටත් තවත් උත්සව රාශියක් තිබෙනවා ඇති කියලා මම හිතනවා. සිංහල බෞද්ධයන්ගේ ඡන්දවලින් තමයි ඕනෑම  ආණ්ඩුවක් පෙරෙලෙන්නේ ඇතිවෙන්නේ. සුදුස්සාට නියම තැන දිය යුතුයි. අපි ඒක ප්‍රාර්ථනා කරනවා.”

ගෝඨාභය රාජපක්ෂ – “මම ස්තූතිවන්ත වෙනවා මගේ මිත්‍ර නවීන් දිසානායක ඇමතිතුමාට මාව ජනාධිපති අපේක්ෂකයෙක් කිරීම සම්බන්ධයෙන්. මමත් ප්‍රාර්ථනා කරනවා එතුමාගේ ශ්‍රේෂ්ඨ පියානන්ට කරන්නට නොහැකි වූ දේ ඔබතුමාට කරන්න පුළුවන් වේවා කියා.ඒ වගේම මම දන්නවා ඔබගේ මාමණ්ඩිය (කරු ජයසූරිය) නම් අනාගත ජනාධිපති අපේක්ෂකයෙක් වෙනවා කියලා.”

මෙහිදි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශණ්වලට පිළිතුරු දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා,  

“ඉදිරියට අපේ පොදුජන පෙරමුණේ පදනම මුල්කරගෙන ඒ කාර්යය ඉදිරියට ගෙනියනවා. ජනතාව ඇයි මාව එහෙම ඉල්ලනේ. ඒ අය මගෙන් දැකපු ඒ අයට අවශ්‍ය ලක්ෂණ මගේ තියෙන නිසා. ජනතාව දැක්කා මගේ වැඩ කිරීමේ හැකියාව. මට නායකත්වයක් දුන්නොත් මගේ බලාපොරොත්තුවකුත්, කාලයකුත් නෑ දිගින් දිගටම දේශපාලනයේ රැඳිලා ඉන්න.

මම ඉස්සරහට වැඩ කරන්නෙත් හුදෙක්ම අරමුණ ඉෂ්ඨ කර ගැනීම සඳහා පමණයි. ඒ අයට (සුළු ජන කොටස්වලට) වැටහෙනවා අද තියෙන තත්ත්වය මොකක්ද කියලා. හැම කෙනාටම ගොඩ එන්න ඕන. මම තමයි ඉතින් හොඳම උතතරය ගොඩ එන්න.”

Related posts

මේ අවස්ථාව රථ වාහන ආනයනයට ඉඩක් ලබාදිය හැකි අවස්ථාවක් නෙමෙයි. – මුදල් රාජ්‍ය ඇමති කියයි

Admin

උත්සව සමයේදී සතොසෙන් අඩුවට සහල්

colombotoday

කොවිඩ් මෘතදේහ භූමදානය කල හැකි තවත් භූමියක් තෝරා ගනී

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 210 දක්වා ඉහළට

colombotoday

“සිරිසේන උබ දැනගනින්, රනිල්ට අගමැතිකම නොදුන්නොත් ජනාධිපති මන්දිරයෙන් එලියට ඇදලා දානවා.”[VIDEO]

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකිණීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවීමේ කාලය දීර්ඝ කරයි

Admin