Colombo Today Local NewsCovid 19

නාත්තන්ඩියේ ෆාරුක්ගේ නිවසේ තවත් 5 දෙනෙකුට කොරෝනා. මාස තුනක බිළිඳියකුත් ඒ අතර

මේ වන විට කොරෝනා ආසාධිතයකු බවට හඳුනානෙ ඇති නාත්තන්ඩිය ව්‍යාපාරිකයාගේ නිවසේ සිවුදෙනෙ‍කු කොරෝනා ආසාධිත රෝග ලක්ෂණ මතු කිරිමත් සමග අංගොඩ බෝවන රෝග විද්‍යායතනය වෙත අද ( 30 ) දින යැවිමට කටයුතු කල එම 4 දෙනාටද කොරෝනා වෛරසය වැළඳී ඇති බව සෞක්‍ය ඇමතිනි පවිත්‍රා දෙවි වන්නි ආරච්චි මහත්මිය සඳහන් කර සිටිනවා.

නාත්තන්ඩිය ගැමුණු මාවතේ පදිංචි 60 හැවිරිදි මෙහොමඩ් ෆාරුක් නැමති ව්‍යාපාරිකයා 26 දින රෝහල් ගත කිරිමේන් පසුව හඳුනාගෙන තිබුනී.

අදාළ ව්‍යාපාරිකයා තම ව්‍යාපාරික කටයුත්තක් සදහා පසුගිය 12 දින ඉන්දියාවට ගොස් නැවත ශ්‍රී ලංකාවට 13 දින පැමිණ ඇති බවත් ඉන් පසුව මොහු ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සව දෙකකට සහභාගිවි ඇති බවත් ඒ සමඟම ප්‍රදේශයේ පවුල් රැසකට ආහාර මලු ලබාදිමට ගොස් ඇති බවද සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන ඇති බව පැවසේ.

කෙසේ නමුත් අදාළ ව්‍යාපාරිකයා කොරෝනා අසාධිතයකු බවට හඳුනාගෙන දින කිපයකින් පසුව ඔහුගේ බිරිඳද රෝහල් ගත කිරිමේන් පසුව ඇයද ‍කොරෝනා ආසාධිතයකු බවට හඳුනාගෙන තිබුනී .

ඒ සමඟම මෙම ව්‍යාපාරිකයාගේ නිවසේ සිටි මාස තුනක බිළිඳියක් හා ඔහුගේ බැණා සහ තවත් ‍දෙදෙනෙකු අදාල ව්‍යාපාරිකයාගේ නිවසේ නිරෝධායනය වෙමින් සිටියදී 29 දින රාත්‍රි 10 පමණ ආසාධිත රෝග ලක්ෂණ මතු කිරිමේන් පසුව හලාවත මහ රෝහලේ නව කොරෝනා ඒකකයට ඇතුලත් කර තිබුනී.

අදාල සිවු දෙනා කොරෝනා ආසාධිත රෝග ලක්ෂණ තදින් පෙන්විමත් සමග වහාම අද දින උදෑසන අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට යැවිමට කටයුතු කල බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය පැවසිය.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ට සළකන්නේ හමේ පාටටයි – මුරලිගෙන් තිලංගට දුස්රාවක් !

colombotoday

මෙන්න අලුත්ම ජීවන වියදම

Admin

කොළඹ වරාය බහලුම් පිවිසුම් මාර්ගයේ දොරටු 4 ක් වසා දැමේ..

colombotoday

උත්සව සමයේ ව්‍යාජ මුදල් සැරිසැරීමේ අවදානමක්

colombotoday

අද බදුලු යන සියලු දුම්රිය ධාවනය වෙන්නේ නානුඔයට පමණයි

Admin

2024 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කැබිනට් අනුමැතිය

Admin