Colombo Today Local News

මාධ්‍යවේදී අසාම් අමීන්ගේ පියා එන්.එම් අමීන් ගැන පරීක්ෂණයක් කරන්න. | පාස්කු කොමිසමෙන් නිර්දේශ

මුස්ලිම් සහෝදරත්වය (Muslim Brotherhood) තහනම් ත්‍රස්ත සංවිධානයේ මෙහෙයුම්කරු යුස්ෆ් අල් කර්දාවී සමග සබදතා පැවැත්වීම පිළිබඳව BBC හිටපු මාධ්‍යවේදී අසාම් අමීන්ගේ පියා වන එන්.එම් අමීන් පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ දක්වා තිබෙනවා.

එම වාර්තාවේ සිංහල පිටපතේ 55 වැනි පිටුවේ ඉනාමුල්ලා, නයිමුල්ලා (මධ්‍යම පළාත් සභාවේ හිටපු සාමාජික) සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම් අමීන් යන තිදෙනා අල්-කර්දාවි සමග ඇසුරු කිරීම පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස නිර්දේශ කර ඇත.

යුස්ෆ් අල් කර්දාවි ආගම්වාදය අවුස්සමින් ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කර ඇති බවත් ඊජිප්තු අධිකරණයට නොපැමිණීම හේතුවෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කර ඇති බවත් රටවල් කිහිපයකම ත්‍රස්තවාදී ලැයිස්තුවේ ඔහුගේ නම තිබෙන බවත් එම වාර්තාවේ සඳහන්ව ඇත.

Related posts

දුම්රිය ධාවනය යලි යථා තත්ත්වයට

colombotoday

දෙනියායේ පාලමක් කඩා වැටෙයි

colombotoday

මැතිවරණ ආචාරධර්ම නීතිගත කිරිමට පියවර

colombotoday

විමල්ගේ පක්ෂයේ ලේකම් ඉල්ලා අස්වෙයි !

colombotoday

ත්‍රිකුණාමලය ප්‍රදේශ 2ක් හුදකලා කෙරේ

colombotoday

පාස්කු කොමිසමේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම අවසන්.

colombotoday