World

අවුන්සාන් සුකී සිරකළ වීරතු හිමියන්ට හමුදා පාලනයෙන් නිදහස? | පරගැති සුකීට එරෙහිව මියන්මාරයේ භික්ෂු සහය හමුදා පාලනයට.

මියන්මාරයේ බෞද්ධයන් වෙනුවෙන් දැඩි මතවාදී සටනක යෙදී සිටින එරට ජාතිකවාදී භික්ෂුන් වහන්සේ නමක් වන අෂින් වීරතු හිමි පසුගිය නොවැම්බර් මස සිට සිරගත කිරීමට සුකී පාලනය කටයුතු කරන ලදි.

අවුන් සාන් සූකී ගේ පරගැති භාවය සහ මුස්ලිම් අන්තවාදීන්ට නිදහසේ වැඩ කිරීමට ඉඩ සැලසීම පිළිබඳව විරතු හිමි සිදුකල ප්‍රකාශයක් හේතුවෙන් ඇයට අපහාසයක් සිදුවූ බව පවසමින් අත්අඩංගුවට ගැනීමට වසරකට වැඩි කාලයක් තිස්සේ උත්සාහ කළේය. කෙසේවෙතත් දේශප්‍රේමින් විසින් උන්වහන්සේට ආරක්ෂාව සපයමින් අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදී ඇත.

කෙසේ වෙතත් අෂින් වීරතු හිමි පසුගිය නොවැම්බර් මස මුලදී පොලිසියට භාරවීමෙන් පසු මේ දක්වා රිමාන්ඩ් කර තබාගෙන සිටියි.

“ප්‍රධාන වශයෙන්, රට පුරා සිටින මගේ සෙසු භික්ෂූන්ගෙන් ඉල්ලා සිටින්නේ රටේ ජාතිය සහ ආගම ආරක්ෂා කිරීම සඳහා ක්‍රියා කරන පක්ෂවලට ඡන්දය දෙන ලෙස ඔවුන්ගේ අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටින ලෙසයි.” යනුවෙන් යැන්ගුන් පොලිස් ස්ථානයෙන් පිටත සිටි අනුගාමිකයන් පිරිසකට පවසමින් උන්වහන්සේ පොලීසියට භාරවිය.

නොවැම්බර් මාසයේ පැවති මැතිවරණය දූෂිත බව සඳහන් කරමින් අවුන් සාන් සූකී සහ එරට ජනාධිපති ඇතුළු ප්‍රභාලයන් අත්අඩංගුවට ගැනීමෙන් පසු එරට හමුදාව රටේ පාලනය සියතට ගැනීමට කටයුතු කරන ලදි. ඒ සමගම අෂින් වීරතු හිමියන් ද නිදහස් කිරීමට ඉතා ඉක්මනින් කටයුතු කරනු ඇති බව එරටින් වාර්තා වන අතර එරට ලක්ෂ 8ක් පමණ වන භික්ෂුන් වහන්සේලා බහුතරයක සහය හමුදා ප්‍රධානියාට හිමිව ඇති බවත් දැනගන්නට ඇත.

Related posts

තුර්කි – සිරියා භූ කම්පනයෙන් ජීවිත අහිමි වූ පිරිස 41,000 ඉක්මවයි

Admin

හැට වසරකට පසු මාලදිවයිනේ මරණ දඬුවම ක්‍රියාත්මකයි

colombotoday

ඊශ්‍රායල ප්‍රහාර වලින් අවම වශයෙන් පලස්තීනුවන් 20,000ක් මිය ගොස් ඇති බවට වාර්තා

Admin

අන්තවාදියකුගේ වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට

colombotoday

දිස්ත්‍රික්ක රැසකට දැනුනු නේපාලයේ භූ කම්පන දෙකක්

Admin

ෂැංහායි ඩිස්නිලන්තය වසා දමයි

colombotoday