Colombo Today Local News

නැවේ ගින්න පාලක මැදිරිය දෙසට ව්‍යාප්ත වෙයි. | දකුණු පසට ඇලවීම නිසා ඇතැම් බහාලුම් මුහුදට

කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති බහාලුම් ප්‍රවාහන නෞකාවේ ඇතිවී තිබෙන ගින්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර, එය සැකෙවින් මෙසේය.

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි ඉදිරිපස ඇති වූ ගින්න මේ වන විට පාලක මැදිරිය පිහිටි නෞකාවේ පිටුපස දෙසට ව්‍යාප්ත වෙමින් පවතී. කාළගුණික තත්වයේ වෙනස් වීම මත දැඩි වූ සුළං ප්‍රවාහය මෙලෙස ගින්න තවත් වර්ධනය වීමට හේතුවී ඇති අතර, මේ වන විට නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය සහ ගලවා ගැනීමේ සමාගමේ විශේෂඥ පිරිස නිරුපද්‍රිතව නෞකාවෙන් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කෙරිණි.

ඇතිවී තිබෙන මෙම තත්ත්වය සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ දැනුම් දීම මත ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සාගර පරිසර හානි වැළැක්වීමේ හා ගිනි නිවීමේ හැකියාවෙන් සමන්විත නෞකාවක් අද රාත්‍රිය වන විට මෙම ආපදාවට පත් නෞකාව ආසන්නයට පැමිණීමට නියමිතය. මීට අමතරව ගිනි නිවීමට භාවිතා කරනු ලබන රසායනික ද්‍රව්‍ය සහ තෙල් හානි වළක්වන රසායන ද්‍රව්‍ය රැගත් ඩෝනියර් ගුවන් යානාවක්ද ඇතිවන ඕනෑම අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීම සඳහා සූදානම් කර තිබේ. එසේම බටහිර නාවික විධාන මූලස්ථානයේ මෙහෙයුම් මැදිරියෙහි නිරීක්‍ෂණයක නිරත වූ නාවික හමුදාධිපති, බටහිර නාවික විධානයේ ආඥාපති සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් සමඟ තත්ත්වය පිළිබඳ සමාලෝචනයක නියැලුනු අතර ඉදිරියේදී ගත යතු ක්‍රියාමාර්ග සම්බන්දයෙන් උපදෙස් ලබා දෙන ලදි.

තවද, පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ඇති වූ මුහුදේ රළු ස්වාභාවය මත මේ වන විට නෞකාව දකුණු පසට මදක් ඇලවී පවතී. ඒ හේතුවෙන් නෞකාවේ ඇති ඇතැම් බහාලුම් මුහුදට වැටී ඇති අතර, ඉන් සමහරක් මුහුදේ ගිලී යන්නට ඇති බව විශ්වාස කෙරේ. මේ හේතුවෙන් මෙම ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරත වන ධීවර ප්‍රජාවට මෙම මුහුදු ප්‍රදේශය මඟ හැර තම ධීවර කටයුතු වල නිරත ‍වන ලෙස නාවික හමුදාව දැනුම් දෙනු ලබයි.

Related posts

මහනුවර ගැටුමට සැකපිට මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday

ඩීසල් හා පෙට්‍රල් මත පනවා තිබු අධිභාරය ඉවතට

colombotoday

තර්ජනවලට බය නෑ… දිගටම වර්ජනය කරනවා – දුම්රිය වෘත්තීය සමිති කියයි

colombotoday

මස්කෙලියේ ජුම්මා පල්ලියේ තිබී පිහි 49 ක් පොලිස් බාරයට

colombotoday

“කසාවතට ගල් ගැසූ නරුමයන් පන්නනු“ – හම්බන්තොට රත්වෙයි.. විරෝධතා යළි ඇරඹෙයි

colombotoday

අගමැතිකමින් නෙරපා දමමින් මෛත්‍රී රනිල්ට යැවූ ලිපිය මෙන්න….

colombotoday