Colombo Today Local Newsfeatured

මුස්ලිම් වර්ල්ඩ් ලීගයෙන් ශ්‍රී ලංකා ජනපතිට ඩොලර් මිලියන 05ක පොල්ලක්

අන්තවාදය පෝෂණය කිරීම සඳහා මුදල් ලබා දෙන බවට චෝදනා එල්ලවී ඇති සෞදි අරාබියාවේ සිට ක්‍රියාත්මක වන “මුස්ලිම් වර්ල්ඩ් ලීග්” නමැති සංවිධානය පසුගිය වසරේ කොළඹ නෙලුම්පොකුන රඟහලේදී උත්සවයක් තබා පාස්කු ඉරු දින එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීමට යැයි පවසමින් හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ලබා දෙන බවට පොරොන්දු වූ ඇමරිකානු ඩොලර් මිලියන 05ක මුදල මෙතෙක් ලබා දී නොමැති බව වාර්තා වෙනවා.

ඇමරිකානු ඩොලර් මිලියන 05 සංකේතාත්මකව එම උත්සව සභාවේදී ජනාධිපතිවරයාට පිලිගන්වුවද මෙතෙක් එම මුදල ලබා නොදීමෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව හෑල්ලු කිරීමට මෙම සංවිධානය කටයුතු කර ඇත.

අදාල සමුළුව මෙරටදී පැවැත්වීමට බොදු බල සේනා සංවිධානය පසුගිය වසරේදී විරෝධය පළකර සිටි අතර ලොව පුරා වහබ්වාදය ප්‍රචලිත කරන සංවිධාන අතුරෙන් ප්‍රධාන සංවිධානය මුස්ලිම් වර්ල්ඩ් ලීගය බවයි පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කර සිටින්නේ.

Related posts

ඇමති සරත් වීරසේකර ලෝක පොලිස් සමුළුවට සහභාගී වෙයි

colombotoday

අපට මඟක් ඇත (නොහොත් ලංකාවට මරුකටෙන් ගැලවිය හැකිය): අංක 1

colombotoday

ලංකා ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුධය අතළග…

colombotoday

උතුරේ විහාරස්‌ථානවල ඉදිකිරීම්වලටත් නඩු… බෞද්ධ විරෝධී වැඩ ගැන ආණ්‌ඩුව නිහඬයි

colombotoday

දයාසිරි සුසන්තිකාට ඉන්ටර්නැෂනල් වැඩක් දෙයි !

colombotoday

ෆේස්බුකියෙන් ගොදුරු සොයන ISIS ත්‍රස්තයෝ !

colombotoday