Colombo Today Local News

හිතාමතා සිදුකල අනතුරකින් පුද්ගලයෙක් මරුට

ඊයේ (පෙබ. 21) සිදුවූ අනතුරකින් දෙහිවල පොලිස් වසමේ කඩවත පාර ප්‍රදේශයේ මෝටර් රථයක් යතුරුපැදියක ගැටීයතුරුපැදිකරු කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 52ක් වූ මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මිය ගිය පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පිටුපසින් පැමිණි මෝටර් රථයක රියැදුරු තම මෝටර් රථය යතුරුපැදිය පිටුපස හප්පා අනතුරට ලක් කර ඇතැයි පොලිසිය පැවසීය.

පොලිසිය සඳහන් කළේ, මෙය සිතා මතා හප්පා සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් බව දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 30 ක්වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචි සැකකරු යැයි සැක කරන පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙනද තිබේ.

Related posts

ෆෙංගල් ශ්‍රී ලංකාවට ඇතුළු වේ

Admin

ආචාර්ය සමන් වීරසිංහ කැලණිය රජමහා විහාරයට රන් කුඩයක්” පුජා කරයි.

colombotoday

උප්පැන්න සහතිකයේ අංකයට ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීම අද සිට

colombotoday

මොරගල්ල මුහුදේ දියනෑමට ගිය පස්දෙනෙකු දියවැලකට හසුවෙයි

colombotoday

මහින්දගෙන් ජපාන අගමැතිට තුති

colombotoday

ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි

Admin