extremism & terrorism activitiesWorld

මාලදිවයිනේ හිටපු ජනාධිපති ඝාතනයට තැත් කළ ඉස්ලාම් අන්තවාදියා අල්ලයි

මාලදිවයිනේ හිටපු ජනාධිපති මෙන්ම වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ් ව ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් අන්තවාදියකු වන අභුමාන් අහමඩ් රෂීඩ් නම් 25 හැවිරිදී පුද්ගලයෙක් එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අභුමාන් අහමඩ් රෂීඩ් මේ ඝාතන ප්‍රයත්නයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකේ.

එරට අගනගරය වන මාලේ හි පිහිටි සිය නිවසේ සිට සිය මෝටර් රථය දෙස ට යමින් සිටියදී ඒ අසල නවතා තිබූ යතුරු පැදියකට සවිකළ බෝම්බයක් පුපුරුවා හැරීමෙන් 53 හැවිරිදි හිටපු ජනපතිවරයා බරපතළ තුවාල ලැබීය.

යම් පුද්ගලයෙක් දුරස්ථ පාලකයකින් එම පිපිරීම සිදුකරන ආකාරය දැක්වෙන සිසිටිවී දර්ශන ද එරට පොලිසිය මගින් මාධ්‍ය ට නිකුත් කර තිබුණි.

මොහොමඩ් නෂීඩ් ගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වේ.

Related posts

වසර 50,000 කට වරක් දැකිය හැකි වල්ගා තරුව පෘථිවිය අසලට

Admin

න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීම අවසන් විකල්පයයි

colombotoday

බ්‍රසීලයේ ආදිවාසීන් වේගයෙන් කොරෝනා වෛරසයට බිලි වෙයි

colombotoday

ඉන්දියාවේ පැතිර ඇති විකෘති කොවිඩ් වෛරසය ප්‍රභේදය රටවල් 17කට පැතිරිලා

colombotoday

සුඩාන හමුදා සහ අතුරු හමුදා පැය 72ක සටන් විරාමයකට එකඟ වෙයි

Admin

තුර්කිය රුසියානු ප්‍රහාරක යානයකට පහර දී බිම දමයි – Video

colombotoday