Colombo Today Local News

රාජ්‍ය ආයතනවල සේවය කරන ගර්භනී මවුවරුන් සේවයට කැඳවීම අත්හිටුවයි

රාජ්‍ය ආයතනවල සේවය කරන ගර්භනී මවුවරුන් සේවයට කැඳවීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

පවතින කොවිඩ් වසංගත තත්වය සමඟ ගැබිනි මවුවරුන්ට වැඩි අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇති බැවින් මෙම තීරණය ගත් බවත් ඊට අදාළ චක්‍රලේඛය හෙට (10) නිකුත් කරන බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා කියයි.

මීට අමතරව පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය සේවා අවම සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යෑමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානීන්ට අවසර ලබා දීමට ද මෙම චක්‍රලේඛය මගින් කටයුතු කරන බව රත්නසිරි මහතා සඳහන් කරයි.

Related posts

විශිෂ්ඨ වෛද්‍ය සේවයට අපහාස කරන්නේ නින්දිත මුග්ධයින්.. කාණුකටාලාට ආණ්ඩුවෙන්ම ප්‍රති ප්‍රහාර

colombotoday

රටේ වී ගබඩා පද්ධතිය විනාශ කළ අය හාල් නෑ කියලා අපට බනිනවා

Admin

මහින්දගේ වාර්තාව ජනපතිට

colombotoday

දැවිතෙල් නැවකට ඩොලර් ගෙවයි

colombotoday

පළාත් සභා මැතිවරණයට කලින් ජනාධිපතිවරණය ?

colombotoday

බස්නාහිරින් යන එන අයගේ ඇන්ටිජන් කරන්න පොලිසිය ආවත් සෞඛ්‍ය අංශ නෑ

colombotoday