Colombo Today Local NewsUncategorized

කිරිපිටි මිල පාලනය සමාගම් අතට

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වූයේ ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා සකස් කරන ලද මිල සූත්‍රය 2019 වසරේ සිට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ආනයනික සමාගම් අධික ලාභයක් ලබාගනිමින් කිරිපිටි අලෙවි කර ඇති බවටයි.

ඒ ඊට අදාළ නිලධාරීන් එම කාරක සභාව හමුවට කැඳවු අවස්ථාවේදීය.

භාණ්ඩගාර නියෝජ්‍ය ලේකම්, ඒ. කේ. සෙනවිරත්න මහතා මේ පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී මෙලෙස අදහස් දැක්වීය.

“බද්ද අඩුකරාට මිල අඩු වෙලා නෑ. ඒ දේ ඇබ්සෝප් කරන්න සහ රජය විදියට අපිට යම් ආදායමක් ගැනීමේ අදහසින් තමා මේක කරලා තියෙන්නේ.”

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ නිලධාරියෙක් –

“2023 ජනවාරි ගත්තොත් කිලෝ 1කට CIF වටිනාකම රු 1550ක් ඇවිත් තියෙනවා. පෙබරවාරි වෙද්දි රු 1,465කට අඩුවෙලා.”

හර්ෂ ද සිල්වා – “කෝ එතකොට මිල සුත්‍රය?”

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ නිලධාරියෙක් – “කිරිපිටිවලට මිල සුත්‍රයක් නැහැනේ.”

හර්ෂ ද සිල්වා – “මොකද නැත්තේ 2018 මමනේ මිල සුත්‍රය හැඳුවේ. වෙන ඒවා වගේ නෙමෙයි හැමෝම එකඟ වුණා ඒකට. කවදා ඉඳලද මිල සුත්‍රය අයින් කරේ.”

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ නිලධාරියෙක් – “මිල සුත්‍රයක් හැදුවත් භාණ්ඩාගාරයෙන් අනුමැතිය ලැබුණේ නැහැලු.”

හර්ෂ ද සිල්වා – “නැති වෙන්නේ කොහොමද? මිල සුත්‍රයට අනුව වෙනස් වුණා නේ. කවද කියන්නේ? මිල සුත්‍රය තිබුණා. ඒක වසරෙන් වසර දීර්ඝ කළා. 2019 න් පස්සේ මුදල් අමාත්‍යාංශයෙන් දීර්ඝ කරලා නෑ. ඔයාලා මට කිව්වේ ඒක නෙමෙයි නේ. කිරිපිටිකාරයන්ට යටවෙලා කියන එක අහන්න දෙයක් නෑනේ. හරිම කනගාටුයි වෙළෙඳ අමාත්‍යාංශයේ ගේනවා ලියවිල්ලක් පාර්ලිමේන්තුවට තමන් දන්නේ නෑ ඉතිහාසය. නියෝජ්‍ය ලේකම්තුමා අපිට මේක අනුමත කරන්න බෑ. අපි නියෝගයක් දෙනවා ඊළඟ කමිටුවේ දී අපිට කාරණා ඉදිරිපත් කරන්න ඇයි කියලා 2019 දෙසැම්බර් වෙද්දි මිල සුත්‍රය නතර කළේ කියලා.”

Related posts

දිනේෂ් ගුණවර්ධනගේ දකුණු අත ගැලවේ – උප සභාපතිත් පීල්ල මාරු කරයි

colombotoday

ඉස්ලාම් අන්තවාදයට ගොදුරු වූ මුහුදු මහා විහාරය, ඉතිහාසයේ අවසානය අතළගයි !

colombotoday

චන්ද්‍රිකා ශ්‍රීලනිපයෙන් දොට්ට ? තීරණය අනිද්දා !

colombotoday

කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටෝකරන්සි භාවිතයට අවසර

colombotoday

ඩොලරයේ විකුණුම් අනුපාතය රු. 374 ඉක්මවයි

colombotoday

ආවා කල්ලිය යාපනයේ පොලිස් නිලධාරියකුගේ නිවසක් මංකොල්ල කයි

colombotoday