Gossip

නිල් චිත්‍රපට තරුව මියා කලීෆා විවාහ ගිවිස ගනී

නිල් සිනමාව ලංකාවේ තහනම් මෙන්ම බරපතල වරදක් ලෙස සලකන නමුත් බොහොමයක් බටහිර රටවල එය වාණිජමය කර්මාන්තයක් බවට පත්ව තිබෙනවා.
 
එවැනි තත්ත්වයක් යටතේ නිල් සිනමාවේ මෑත කාලීනව සුප්‍රසිද්ධම තරුව බවට පත්වූ මියා කලිෆා විවාහ ගිවිසගත් පුවතක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙනවා.
 
මීයා කලීෆා නිල් චිත්‍රපට ලෝලීන්ගේ “සිහින රැජිණ“ ලෙස බොහෝ දෙනෙක් හඳුන්වන්නේ ඇය ක්ෂෙත්‍රයට ඇවිත් ඉතා කෙටි කාලයකින් ජනප්‍රිය වීම හේතුවෙනුයි.

2015 දී වැඩිහිටියන්ට පමණක් සීමා වූ වීඩියෝවක ඇය මුල්වරට පෙනී සිටින අතර එහි ඇය විසින් හිජාබයක් (ඉස්ලාම් කාන්තාවන් හිස වැසීමට භාවිතා කරන ආවරණය) ඇඳ රංගනයේ නිරත වෙනවා.
 
එවැනි ආන්දෝලනාත්මක රැඟුමකින් ඇය ජනප්‍රියත්වයට පත් වුණත් ඒ හා සමානව ඇයට විවිධ තර්ජනවලට මුහුණ දීමට ද සිදු වනවා.
 
වසර 2015 දී මියා කාලිෆාට එරෙහිව ISIS සංවිධානය විරෝධය පෑමෙන් අනතුරුව විවිධ මාර්ගවලින් මරණ තර්ජන සිදුකිරීම ආරම්භ කෙරුණා. එසේම 2016 වසර වන විට ඔවුන්ගේ ඝාතන ලයිස්තුවේ මියා කාලිෆාට ඉහළම තැනක් ලැබී තිබුණා.
 
කොහොම වුණත් අද වෙනකොට, මීයා කලීෆා ගැන නොදන්නා කෙනෙකු නොමැති තරම්. ඒ නිසාම ඇයටම වෙන් වුණු ගීතයකුත් 2015දී එළිදැක්වුණා කියලත් ආරංචියි.
 
ඉතින් ඇය ගැන ආයෙම හැමෝම කතා කරන්න පටන් ගත්තේ, ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ පළවූ විශේෂිත පණිවුඩයක් නිසයි.
 
ඒ ඇය robert sandberg සමඟ විවාහ ගිවිසගත් බවට පළ වූ පණිවුඩයයි.
 
රොබට් විසින් ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේද සටහනක් තබා ඇති අතර, එහි සඳහන් කර තිබුණේ, මීයා කලිෆාට මෙම විවාහ යෝජනාව කළේ රාත්‍රී සාදයකදී බවයි. එය අතිශය සුන්දර මොහොතක් බව සඳහන් කරන ඔහු, කලිෆා ඒ මොහොතේ ඉමහත් පුදුමයට පත් වූ බවද සඳහන් කර තිබෙනවා. එසේම ඔහු විසින් ඇයට “මම ඔයාට ආදරෙයි“ ලෙස පවසමින් මුදුවක් පළඳා තිබෙනවා. ඇය තමාගේ යෝජනාවට එකඟ වූ බවයි ඔහු වැඩිදුරටත් එහි සඳහන් කරන්නේ.
 
කෙසේ වෙතත් එම අවස්ථාව, මීයා කලීෆාද සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ පළකර තිබුණේ, ඔහුට ඒ මොහොත වෙනුවෙන් ස්තුතිවන්ත වෙමින් හා තමන්ගේ ආදරය ප්‍රකාශ කරමිනුයි.


.



Related posts

මවගේ අතුරුදන් වූ මුද්ද මාස 14ක ළදරුවාගේ බඩේ

colombotoday

92 දී රියදුරු බලපත්‍රය ගන්න ගිය ආච්චි

colombotoday

රෝගීව මිය ගිය සද්දන්තයාට අවසන් ගෞරව

colombotoday

හිටපු ජනපතිනිය රටබීමහලකට ගොඩවෙයි… ඡායාරූප අන්තර්ජාලය කළඹයි !! (Photo)

colombotoday

ඒක අපි ඊලග ඡන්දයකදී බලා ගමු. – ඇමති නවීන් දිසානායකට ඉරාජ් අභියෝග කරයි

colombotoday

ගුරුවරියක් තම ශිෂ්‍යයෙකුට නිරුවත් පින්තූර යවලා

colombotoday