Covid 19

මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු තවත් මන්ත්‍රී වරුන් දෙදෙනෙකුට කොරෝනා

සයිනෝෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා සිටි මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාටත් එම එන්නත් මාත්‍රා එකක් පමනක් ලබා ගෙන සිටි එම සභාවේම මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ පවුල් වල ආශ්‍රිතයින් හතර දෙනෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. එමෙන්ම මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බැංකු කළමණාකරවරයෙකුටත් කොරෝනා වෛරසය වැලදීම ඇති බව මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කර සිටියි.

ඒ අනුව මේ වන විට මැදවච්චිය නගරයේ විවිධ සේවා සමූපකාර සමිතියේ, ප්‍රාදේශීය සභාවේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව කොවිඩ් පොකුරු හමු වෙමින් පවත්න බව මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් කියයි.

මීට පෙර මැදවච්චිය මූල්‍ය බැංකු ආශ්‍රිත කොවිඩ් පොකුරක් සහ ඇගලුම් කම්හල් ආශ්‍රිතව මෙන්ම නාවික හමුදා කදුවුරේ කොවිඩ් පොකුරු හදුනාගත් බවත් එම ආයතන සියල්ලේම මේ වන විට කොවිඩ් රෝගීන් බිහි වීම පාලනය කර ඇති බවත් මැදවච්චිය සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කර සිටියි.

එන්නත් කරණය ලබා සිටින පිරිස් නිවැරිදි සෞඛ්‍ය උපදෙස් කඩ කිරීම හේතුවෙන් නැවත කොවිඩ් ආසාදනය වෙමින් පවත්න බවත් එන්නත් මාත්‍රා දෙකම ලබා සිටින පිරිස් පවා සෞඛ්‍ය උපදෙස් කඩ කිරීමෙන් වලකින ලෙස මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් මැදවච්ච්ය ජනතාවගෙන් ඉල්ලා සිටි.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

Related posts

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 15ක්

colombotoday

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුටත් කොවිඩ් පොසිටිව්

colombotoday

අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් දින 18ක් තුළ මරණ 337ක්

colombotoday

රත්නපුර ආසාදිතයාගේ මවට හා මිත්තනියටත් කොරෝනා

colombotoday

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකුට කොවිඩ්

colombotoday