Colombo Today Local News

මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ අය වැය පොහොට්ටුව පරදී. – සභාපති පැන යයි. උප සභාපති බලය අල්ලයි.

මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ 2022 ඇය වැය යෝජනාවලිය ඊයේ (15) දින ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හේරත් සේනාරත්න මහතාගේ සහ ලේකම් චන්දිමා සේමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රී වරුන්ගේ සහභාගිත්වයෙන් පැවත්විණි.

උණුසුම් කාරි තත්ත්වයකින් අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රී වරුන් නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂ නායක වසන්ත රණතුංග මහතා බෙදීමකට අවසර ඉල්ලා සිටියදී සභාපතිවරයා එයට ඇහුන්කම් නොදී සභා ගර්භයෙන් නැගිට ඉවත්ව ගියේය. අනතුරුව සභාවේ ලේකම් ඇතුලු පක්ෂ විපක්ෂ මන්ත්‍රී වරුන් සභාවේ වැඩ කටයුතු අවසන් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එම ප්‍රාදේශීය සභාවේ උප සභාපති චානක විජේසූරිය මහතා හට සභාපති පුටුවේ බල තල ප්‍රකාරව අවසර ලබා දුන්හ. ඒ අනුව උප සභා පති වරයා නිල වශයෙන් සභාවේ 2022 අය වැය පරාජ වූ බව ප්‍රකාශ කළ අතර සභාපති වරයාට මින් ඉදිරියේ සභාවේ කටයුතු සිදු කිරීමට අවසර නොමැති බව ප්‍රකාශ කළේය.

මැදවච්චිය ප්‍රාදේශීය සභාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රී වරුන් 09 දෙනෙක්,එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රී වරුන් 06 දෙනෙකුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රී වරුන් 03 දෙනෙකුත්, මුස්ලින් ක්‍රොන්ග්‍රසය , ජනතා විමුක්ති පෙරමුණ සහ ස්වාධීන පක්ෂ වලින් එක් මන්ත්‍රී වරයෙකු බැගින් සභිකයින් 21 දෙනෙකුගෙන් සමන්විතය. නමුත් අය වැය විමසීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින මන්ත්‍රීවරුන් 02 දෙනෙකු සහ මන්ත්‍රීවරියක් ඊයේ දින සභාවට පැමිණ සිටියේ නැත.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

Related posts

ව්‍යවස්ථාව ගොඩ දාන්න, අලුත් ‘ව්‍යාපාරයක්‘ ඇරඹෙයි.. මූල්‍ය අනුග්‍රහය ඩයස්පොරාවෙන්

colombotoday

බෝග වගාවන්ට වනසතුන්ගෙන් සිදුවන හානිය අවම කිරීමේ වැඩ පිළිවෙළක්

colombotoday

සාම කතා අසාර්ථකයි.. දෙමළ සන්ධානයට එරෙහිව අලුත් පක්ෂයක් එයි !

colombotoday

යුක්තියට තවත් 952ක් මාට්ටු

Admin

බැදුම්කර වාර්තාවෙන් කිසිවෙක් වරදකරුවන් කර නෑ – කිරිඇල්ල

colombotoday

පළාත් පාලන ආයතනවල ප්‍රමුඛ කාර්යය ඩෙංගු රෝගය පාලනය කිරීමයි – ඇමති ප්‍රසන්න කියයි

Admin