Colombo Today Local News

MCC ගිවිසුම සම්බන්ධව මාගේ නායකත්වය යටතේ සාකච්ඡා වුයේ නෑ- කබ්රාල්

ඇමරිකානු එම් සී සී ගිවිසුම සම්බන්ධ සාකච්ඡාවක් තමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

එකී සම්පූර්ණ සටහන මෙසේය,

2006 දී, ඇමරිකා එක්සත් ජනපදයේ එම්සිසි (MCC) සමග ශ්‍රී ලංකාවට අහිතකර ගිවිසුමක්, මාගේ නායකත්වය යටතේ සාකච්ඡා වූවා යයි සමාජ මාධ්‍ය වල මේ දිනවල කතාවක් පැතිරෙන බව මා දැක ඇත.

2004 දී, එම්සීසී (MCC) හරහා ඇමරිකා එක්සත් ජනපද රජය ශ්‍රී ලංකාවට යම් “ආධාර” ලබා දෙන්නට ආදහස් කර තිබූ බව සත්‍යයක් වන අතර, 2006 දී ඒ පිළිබඳව කරන ලද සාකච්ඡා සීමා වූයේ එම ආධාර යටතේ කුමන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුද යන්න පමණය.

තවද, “විකිලීක්ස්” හරහා හෙළි වී ඇතැයි කියන ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති රොබට් ඕ’ බ්ලේක් මහතාගේ පණිවිඩ අනුව, 2006 දී සාකච්ඡා වූවායැයි පැවසෙන ආධාර අංශ, 2019 දී යහපාලන රජය එකඟ වූ ආධාර අංශ වලට වඩා හාත්පසින්ම වෙනස් වූ බව ද පෙනී යයි.

එමෙන්ම, 2006 දී එම එම්සීසී ගිවිසුමට අදාල කොන්දේසි පිළිබඳව සාකච්ඡා ද නොකරන ලදී.

කෙසේ වුවත්, එවකට මහින්ද රාජපක්ෂ රජය අප රටට අහිතකර වන හෝ අවදානමක් මතු කරන කිසිදු කොන්දේසියකට එකඟ වීමට අදහස් නොකළ බව පැහැදිලිවම ප්‍රකාශ කළ යුතුය.

Related posts

ජනපති ඉවත් කරන්න විපක්‍ෂය සැරසෙයි..

colombotoday

කැලණි ගගේ ගිලී 20 හැවිරිදි තරුණයෙකු අතුරුදන්

Admin

අධිකරණයට අපහාස කලා යැයි සනත් නිශාන්තට එරෙහිව තවත් පෙත්සමක්

colombotoday

සහල් මාෆියාවේ මහමොළකරු වසන්ත සමරසිංහයි

Admin

ඉදිකිරීම් ව්‍යාපෘති වලින් වසරක සිට රු. බිලියන 150ක් රජයට මෙතෙක් ලැබී නැහැ

colombotoday

“ඉන්ධන මිල සහනාධාර නොලැබුනොත් මිල වැඩි කරන්න සිදුවෙනවා..”

colombotoday