Colombo Today Local News

MCC ගිවිසුම සම්බන්ධයෙන් රජයේ පැවති ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ- බන්දුල

වත්මන් රජය MCC ගිවිසුම අත්සන් කිරීම සඳහා සූදානම්ව සිටින බවට පැතිරෙන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (18)දින පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ් මහතා පැවසුවේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ රටේ නීතියට පරිබාහිර වන කිසිදු ගිවිසුමකට හෝ එකඟතාවකට පැමිණීමට වත්මන් රජය කටයුතු නොකරන බවය.

ගිවිසුම සම්බන්ධයෙන් රජයේ පෙර පැවති ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

කැලණියේදී අන්තරේට ප්‍රහාරයක්

colombotoday

බසයක් ටිපර් රථයක ගැටී 26ක් රෝහලේ

colombotoday

හදිසි අනතුරකින් දිවි අහිමි වූ යාපන සරසවි සිසුවා

Admin

ඩෑන්ගේ මරණය ආන්දෝලනයක්? ජාතික ආරක්ෂාවද? මහජන ආරක්ෂාවද?

Admin

ඇමති ටිරාන් අලස් ට දුමින්ද නාගමුව එක්ක තිබුණු ඩීල් එක එළියට

Admin

මිද්දෙණියේ ඝාතනයක්

colombotoday