Colombo Today Local News

අවුරුදු 5ක දැරියක් පැහැරගෙන මුදලට විකිණු ලිදුල නගරාධිපති අත්අඩංගුවට

ලිඳුල, තලවාකැලේ නගර සභාවේ සභාපති අශෝක සේපාල මිනිස් ජාවාරමකට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

තලවාකැලේ, ලිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල, එම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වූ ඉෂාර අනුරුද්ධ මංචනායක සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේයි.

ඒ, 2017 වර්ෂයේදී පෝර්ට්මෝර් වත්ත, ආගරපතන ප්‍රදේශයේදී පදිංචිව සිටි 5 හැවිරිදි දැරියක් පැහැර ගෙන ගොස් මුදලට අලෙවි කිරීම සම්බන්ධයෙනි.

ඒ සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.

Related posts

75 වන ජාතික නිදහස් සැමරුමට සමරු මුද්දර හා කාසියක්

Admin

අලි ඇතුන් ගේ මරණ ගැන විපක්ෂනායක වාර්තාවක් ඉල්ලයි

Admin

ප‍්‍රංශයේ ශ‍්‍රී ලාංකික දේශපේ‍්‍රමීන් මව්බිමට නිදහස දිනාදුන් විරුවන් සමරති

colombotoday

මහින්ද මයිත්‍රී රහස් හමුවක්. එන ජන්දෙට දෙපාර්ශවය පුටුවෙන් ?

colombotoday

මරණ දඩුවමට ශ්‍රී ලංකාව එරෙහිවෙයි

colombotoday

කෝටි 02ක දුම්වැටි තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday