මාතර නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට අද වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු අද අලුයම එම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බවයි.
වෙඩි තැබිමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසී ය.