Colombo Today Local News

කෝවිලක දුන් දන්සලක ආහාර අනුබව කල 114ක් රෝහලේ

මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශයේ රෝහල් ප්‍රකාශකයෙක් පවසන්නේ නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන, වාලමලෙයි හින්දු කෝවිලේ පැවති වාර්ෂික උත්සවයකින් පසු කෝවිලේ දන්සලෙන් ලබා දුන් ආහාර අනුභව කළ පුද්ගලයන් 114 දෙනෙකු රෝගී වීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බවයි.

ඔහු තවදුරට ත් සඳහන් කළේ, 3 දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බව ය.

මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකු සඳහන් කළේ, රෝගී වූ වැඩි පිරිසක් කාන්තාවන් බව ත් දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන පිරිස ක්ලාන්තය, වමනය, උදරයේ ආබාධ සහ පාචනය යන රෝග ලක්ෂණ ඇතිව රෝහලගත කළ බව ත් ය.

(ඊයේ 7) දහවල් වතු කම්කරුවන් අතර බෙදා ඇති බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙක් සඳහන් කළේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කිසිදු අවසරයක් හෝ අධීක්ෂණයකින් තොරව බෝංචි, වට්ටක්කා, බටු සහ පතෝල යන ව්‍යාංජන සමග බත් පාර්සල් 2,000ක් සකස් කරන බවයි.

ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ ම එම වතුයායට ගොස් වතු කම්කරුවන්ට ලබා දුන් ආහාර පාර්සල්වල සාම්පල් ලබාගත් බව ත් එම ආහාර සාම්පල් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව ත් ය.

මේ පිළිබඳව නල්ලතන්නිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

සජින් වාස්ට රුපියල් 1000ක දඩයක් !

colombotoday

බදියුදීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවේ ජවිපෙ ජාතික ලයිස්තු අපෙක්ෂක ඊබ්‍රහිම් ත්‍රස්තවාදියාගේ නමත්… එනිසා ජවිපෙ සහය නෑ !!!

colombotoday

අපි සල්ලි අච්චු ගැහුවේ නෑ

Admin

රවී කුණු අදී !

colombotoday

මුදල් ඇමති මංගලගේ ලිපිය ගැන CID පරීක්ෂණ…

colombotoday

අග්බෝපුර ඕඅයිසී ට්‍රිපර් රථයක ගැටී මරුට

colombotoday