Colombo Today Local News

මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයාට පාලක පක්ෂයේම මන්ත්‍රිවරයෙකුගෙන් ප්‍රහාරයක්

මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ මාසික සභා රැස්විම (13) දින පැවති අවස්තාවේ එම සභාවේ උප සභාපති සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මස්කෙලිය ආසන සංවිධායක පෙරියසාමි ප්‍රදිපන් මහතාට පාලන පක්ෂයේම මන්ත්‍රිවරයෙකු විසින් විදුරුවකින් හිසට පහර දි තුවාල සිදු කර ඇත.

එම ප්‍රාදේශිය සභාවේ සභාපතිනි ගොවින්දන් සෙම්බගවල්ලි මහත්මියගේ (ලංකා කම්කරු කොන්ග්‍රසය) ප්‍රධානත්වයෙන් මාසික සභා රැස්විම (13) දින උදැසන 10 ට ආරම්භ කර ඇත.

සභාවේ රැස්විම පවත්වමින් සිටියදි මස්කෙලිය නගරයේ අනවසර ඉදි කිරිම් සම්බන්ධයෙන් තමන් එයට විරුද්ධ වි සභාව ප්‍රශ්න කරමින් සිටියදි ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රිවරයෙකු වන එස්.ඒ.දිසානායක මහතා විදුරුවක් අතතිව පැමිණ තමන්ගේ හිසට පහර දි තුවාල සිදු කිරිම නිසා තුවාල සහිතව තමන් රෝහල් ගත වු බවයි පෙරියසාමි ප්‍රදිපන් මහතා කියා සිටියේ.

උප සභාපතිවරයා සහ තවත් මන්ත්‍රිවරයෙකු අතර ඇති වු ගැටුම නිසා මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ මාසික සභා රැස්විම දින නියමයක් නොමැතිව කල් තැබිමට එම ප්‍රාදේශිය සභාවේ සභාපතිනි ගොවින්දන් සෙම්බගවල්ලි මහත්මිය පියවර ගැණින.

පෙරියසාමි ප්‍රදිපනන් මහතාට පහර දුන්නේ යැයි කියන එම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රි එස්.ඒ.දිසානායක මන්ත්‍රිවරයාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ මස්කෙලිය ප්‍රදේශයේ තම පාක්ෂිකයෙකුගේ නිවසට පිවිසෙන මාර්ගයක් ඉදි කිරිමට සභාවෙන් අවසර ලබාගෙන එම මාර්ගයේ ඉදි කිරිම් කටයුතු සිදු කරන අවස්තාවේ එම මාර්ගය ඉදි කරනවාට අකමැති පාර්ශවයකට සහයෝගය දක්වා පෙරියසාමි ප්‍රදිපන් මහතා සභාව තුල නොසන්සුන්කාරි ලෙස හැසිරි තවත් මන්ත්‍රිවරයෙකුට පහර දිමට උත්සහ කල අවස්තාවේ එය වලක්වා ගැනිම සදහා තමන් අතතිව තිබු විදුරුවකින් උප සභාපතිවරයාට ප්‍රහාරයක් එල්ල කල බවයි.

උප සභාපතිවරයා තමන්ටද ප්‍රහාරයක් එල්ල කල බවත්, ඉන් තමන්ටද තුවාල සිදු වි ඇති බවයි මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි එස්.ඒ.දිසානායක මහතා කියා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Related posts

බරපතළ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 86 ක් පැය 12ක මෙහෙයුමකින් අත්අඩංගුවට

colombotoday

කිරිඳිවැල මාළු වෙළෙන්දෙකුටත් කොරෝනා

colombotoday

සම්බන්ධන්ලාගේ ෆෙඩරල් නාඩගමේ සැබෑ අරමුණ හදුනාගනිමු !

colombotoday

වගාකරුවන් කහ අස්වනු නියමිත කාලයට පෙර නෙලීමෙන් ‘බීජ කහ අල’ හිඟයක්

colombotoday

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600 ක් ආනයනය තහනම් කරමින් අද රාත්‍රියේදී ගැසට්ටුවක්

colombotoday

“බීර මිල අඩුකිරීමෙන් කාන්තාවන් හා ළමුන් මතට යොමු වෙනවා” – මාධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය

colombotoday