Colombo Today Local Newsfeatured

විවාහ වීමේ වයස 21 ක් කරන්න. – අල් මුස්ලිමාත් සංවිධානයේ මරීනා රිෆායි එක රටක් එක නීතියක් බලකායෙන් ඉල්ලයි.

විවාහ වීමේ වයස අවුරුදු 18 නොව 21 දක්වා ඉහල දමන ලෙස සිවිල් ක්‍රියාකාරිනියක් ලෙස හඳුන්වන අල් මුස්ලිමාත් සංවිධානයේ මරීනා රිෆයි “එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායට ඊයේ(27) දින යෝජනා කල බව වාර්තා වෙනවා.

අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව දරුවන්ට තිබිය යුතු බවත් වයස අවුරුදු 18 යනු විවාහයට තරම් ප්‍රමාණවත් වයසක් නොවන බවත් ඇය පවසා ඇත.

අන්තවාදී මත දරන්නියක් ලෙස අල් මුස්ලිමාත් සංවිධානයේ මරීනා රිෆායි මුස්ලිම් පාර්ශ්වවල චෝදනාවට ලක්වූ තැනැත්තියකි.

ජාතික ගීයට ගරු නොකරන ලෙස ඇය විසින් සිදුකල ප්‍රකාශයක් හේතුවෙන් මීට ඉහතදී සමාජයේ දැඩි දෝෂදර්ශනයට ද ලක්විය.

කෙසේ වෙතත් යෝජනා ලබා දීමේ අතරතුර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ජාතික ගීය වාදනය වී ඇති අතර එම අවස්ථාවේදී සියලු දෙනා සීරුවෙන් සිට ජාතික ගීයට ගරු කර ඇති අතර මරීනා රිෆායි ද එය අනුගමනය කරමින් සීරුවෙන් සිට ගෞරව කර ඇති බව දැනගන්නට ඇත.

ඇය විසින් දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය “දාරුන් නුස්රා” නැමති ළමා නිවාසයක සිටි ගැහැණු ළමුන් 18 දෙනෙක් ලිංගික අතවරයට සහ තවත් එක් ළමයෙක් දුෂණයට ලක් කීරීම සම්බන්ධයෙන් ඇයට විරුද්ධව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ BR 2403/17 සහ BR 2496 දරන අංක යටතේ නඩු විභාගයක් මේ වනවිටත් පැවැත්වෙයි.

ළමා නිවාසයේ සිටි එක් දැරියක්ට පහරදීම සම්බන්ධයෙන් අංක BR 4353/19 දරන නඩුව මරීනා රිෆායිට විරුද්ධව විභාග වෙමින් පවතියි.

මරීනා රිෆායි වහබී දේශිකාවක් ලෙස මුස්ලිම් සමාජය විසින් හඳුන්වන අතර වරක් අලෙවි මවුලානා මහතා විසින් ඇයගේ දේශනා තහනම් කර දැමු බවට දැනගන්නට ඇත.

Related posts

නාවික හමුදා බුද්ධි අංශයේ තවත් අයෙකු රිමාන්ඩ්

colombotoday

මහර ගැටුම – විමර්ශන කමිටුවේ වෙනසක්

colombotoday

පාස්කු ප්‍රහාරය එල්ල කලේ ISIS නොවේ, අදෘෂ්‍යමාන බලවේගයක් – රවුෆ් හකීම්

colombotoday

ජනාධිපති අපෙක්ෂකයන්ට අගරදගුරු නිවසේ දොර වැසෙයි !

colombotoday

නීතී විරෝධිව ගෙන ආ මිලියන 748ක දුම්වැටි විනාශ කරයි

Admin

කිත්සිරි කහටපිටිය අභාවප්‍රාප්ත වෙයි

colombotoday