Colombo Today Local News

මල්වතුහිරිපිටිය හිමි නම නිධන් මැණිකක් ලබාගැනීමේ අරමුණින් ඝාතනය කරලා සියල්ල හෙලි වේ

ඊයේ පොලිස් වෙඩි ප්‍රහාරයකින් ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකදී හිමි නමක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු මියගොස් තිබුණි.

සැකකරු කමන්ඩෝ බලකායේ සේවය කර 2017දී ඉන් ඉවත් වූ කල්හාර දිල්ෂාන් නම් කුලී ඝාතකයෙකි.

ඔහු 2023 ජූලි 20 වැනිදා තලංගම වැලිපාර ප්‍රදේශයේදී ඩිලාන් රංග නැමැත්තා ඝාතනය කිරීම, 2023 නත්තල් දා පාදුක්කේදී මන්නා රෝෂාන් සහ තවත් අයෙක් ඝාතනය කිරීම, 2023 සැප්තැම්බර් 25 වනදා මීගොඩ ලී බඩු වෙළඳසැලකින් රුපියල් ලක්ෂ 78ක් කොල්ලකෑම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයෙකි.

ලැඩා නැමැත්තා ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත, නිධානයකින් ලබාගත් මැණිකක් ලබාගැනීමේ අරමුණින් අදාළ භික්ෂුව ඝාතනය කළ බව ඔහු පොලිසියට පවසා තිබේ.

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එස්. පතිරාජසූරිය හා ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඩී.කේ ජයසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත විමර්ශන ක්‍රියාත්මකය.

පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ අත්තනගල්ල අධිකරණයේ විභාගවෙමින් පවතින නඩුවකට පැමිණෙමින් සිටින පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා ගිනිඅවි රැගෙනවිත් අත්තනගල්ල ඌරපොල යටවක ප්‍රදේශයේ කැලැබද ප්‍රදේශයක සැඟ වූ බවය.

ඒ අනුව ඊයේ රාත්‍රියේ එම ගිනි අවි පෙන්වීම සඳහා සැකකරු පොලිස් කණ්ඩායමක් සමග අදාළ ප්‍රදේශයට ගිය අවස්ථාවේ සඟවා තිබූ ගිනි අවියකින් නිලධාරීන් දෙසට වෙඩි තැබීමට ඔහු උත්සාහ කළ බවත් , එහිදී පොලිසිය වෙඩි තැබීමෙන් සැකකරු මියගිය බවත් පොලිසිය පවසයි.

Related posts

තෙල් නැව ආවත් හිගය මඩින්න තව දින තුනක්වත් යනවා !

colombotoday

තිරිඟු පිටි මිල ඉහළට – බේකරි රැසක් වැසේ

colombotoday

TNA රවිරාජ් නඩු තීන්දුවට අභියෝග කරයි.. අධිකරණය විශ්වාස නැතිලු !

colombotoday

ගිනිගත් නැවට ඇතුළුවී තෙල් සාම්පල ගන්න අධිකරණයෙන් අවසර

colombotoday

දකුණේ නීතිය උතුරට නෑ.. යාපන සරසවිය ගැටුම ගැන ආණ්ඩුව දෙබිඩි පිළිවෙතක – ගම්මන්පිල

colombotoday

විමල් ගුවන්තොටුපොළේදී හරවා එවයි. පාස්පෝර්ට් අවුලක්, මාව අත්අඩංගුවට ගන්න හදනවා – විමල් කියයි.

colombotoday