Colombo Today Local Newsfeatured

සුවහසක් බෞද්ධයාගේ වෙසක් පැතුමට ජනපති සවන් නොදෙයි. වෙසක් දිනයේදී ඥානසාර හිමිට නිදහසක් නෑ

ඉස්ලාම් ත්‍රස්තවාදීන් විසින් පසුගිය පාස්කු ඉරිදා මෙරටට එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව හේතුවෙන් මෙවර වෙසක් පින් කම් බොහොමයක් පැවැත්වෙන්නේ නැත. ඒ හේතුවෙන්, බෞද්ධයාට අහිමි මේ වෙසඟේ ඥානසාර හිමි නිදහස් කිරීම හෝ සිදුකර වෙසක් දිනය අර්ථවත් කරන ලෙස පාර්ශව ගණනාවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් සිදු කරන ලදි.

මීට ඉහතදී අස්ගිරි සංඝ සභාව, මල්වත්ත සංඝ සභාව, රාමඤ්ඤ සංඝ සභාව, අමරපුර සංඝ සභාව, කෝට්ටේ සංඝ සභාව, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා ලිඛිතව ඥානසාර හිමි නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් සිදු කරන ලදි.

මෙරට ජීවත්වන කතෝලික ජනතාව වෙනුවෙන් මැල්කම් රංජිත් අගරදගුරුතුමන්ද ජනාධිපතිවරයාගෙන් කිහිප විටෙක දී ඉල්ලීම් සිදුකළ බව එතුමන් වරයා භික්ෂුන් වහන්සේලා හමුවේ ප්‍රකාශ කර ඇත.

එමෙන්ම මෙරට ජීවත්වන හින්දු ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා හින්දු සම්මේලනය ද ජනාධිපතිවරයාගෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙසට ඉල්ලීම් සිදු කරන ලදි.

මෙම ඉල්ලීම් සියල්ල ළිබඳව සලකා බලන ලෙස දන්වමින් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ද ජනාධිපතිවරයා වෙත ලිඛිතව ඥානසාර හිමි නිදහස් කරන ලෙසට ඉල්ලීමක් කරන ලදි.

පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක්ද ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම සිදු කරන ලද අතර, ජනාධිපතිවරයා මේ කිසිවකුටත් ඇහුම්කන් නොදී වෙසක් දිනයේදී ඥානසාර හිමි නිදහස් නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

Related posts

මත්තලට එන ගුවන් යානා වලින් වසර දෙකක් යනකන් ගාස්තු අය නොකරයි

colombotoday

වෙළද ගිවිසුම් එපා කියන අයට විරුද්ධව තරුණයන් පාරට බස්සවනවා… GMOAට දෙරණට හොද පාඩමක් උගන්වනවා

colombotoday

ජනාධිපතිවරයා ඇමති මණ්ඩලය පත්කළ යුත්තේ අගමැතිගේ උපදෙස් මතයි – ජයම්පති

colombotoday

අගමැති රනිල් ඇමති දුමින්දට හොරෙන් පොහොර සමාගම් හමුවුණේ ඇයි?

colombotoday

විග්නේෂ්වරන් ඉල්ලීම් දැඩි කරයි.. අලුත් ව්‍යවස්ථාවෙන් තව ඉල්ලයි !

colombotoday

ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ෂණ ගැන සැහිමකට පත් වෙනවා.- රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් පවසයි.

colombotoday