Colombo Today Local News

මෛත්‍රීපාල මහින්ද එකතුව රටට යහපත් – අස්ගිරි මහනායක හිමි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුව රටට යහපත් එකක් වනු ඇතැයි විශ්වාස කරන බවත් එජාප නායකත්වයට රට ගැන හෝ ජනතා ප්‍රශ්න පිළිබඳව හැඟීමක් නොතිබූ බවත් අස්ගිරි මහනායක අතිපූජ්‍යය වරකාගොඩ ඤාණරතන නාහිමියෝ පැවසූහ.

සංචාරක හා වන ජීවි අමාත්‍යය වසන්ත සේනානායක හා නියෝජ්‍යය ඇමැති ආනන්ද අලුත්ගමගේ යන මහත්වරුඅද (01දා) ශ්‍රී දළදා මාළිගාවට ගොස් දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් පසු අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහනායකහිමියන් හමුවූ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

දේශපාලනඥයින් සෑම විටම රටේ යහපත පිළිබඳ සිතා තීන්දු තීරණ ගත යුතු බවද එක්සත් ජාතික පක්ෂයේ වසන්ත සේනානායක හා ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරු ආණ්ඩුවට එකතු වීමට ගත් තීරණය යහපත් බවද උන්වහන්සේ පැවැසූහ.

මෙහිදී අදහස් දැක්වූ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍යය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ රට දියුණු කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් සජිත් ප්‍රේමදාස මහතා යම් පිළිවෙඝකට කටයුතු කළ බවත් සඳහන් කළහ.

Related posts

දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත ශ්‍රී ලංකාවට

Admin

නව ව්‍යවස්ථාව එපා කියන්න කිසිම භික්ෂුවකට අයිතියක් නෑ.. කවුරුත් ලක්ෂ 62 ට යටයි – දඹර අමිල හිමි

colombotoday

මිණිය වළලන්න ගිය 25කට හෙන ගහලා

colombotoday

පළාත් සභා මැතිවරණය ගැන ආණ්ඩුවේ තීරණය

colombotoday

විධායකය අහෝසිකරන 20වෙනි සංශෝධනය අද කතානායකට

colombotoday

හිස්බුල්ලා අනාරාධිතවම දිවුරුම් දීමට එයි… ජනපති නියෝගයෙන් ආපසු හරවා යවයි !

colombotoday