Colombo Today Local News

ඥාණසාර හිමිගේ මතවාදයට අපි තැනක් දුන්නේ නෑ. උන්වහන්සේගේ සටන නිර්දෝෂී කියන එක දැන් ජනතාව පිළිගන්නවා

දැනට සිරගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුවදුක් විමසීම සඳහා ධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මැතිතුමා පසුගිය තිස් වන දා වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ සිටි අතර එහිදී ඔහු මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

ඥාණසාර ස්වාමින්වහන්සේ, අධිකරනයෙන් වැරදිකාරයා කරලා ඇතුලට දැම්මත් උන්වහන්සේ කරපු සටන අද නිර්දෝෂී කියන එක බොහෝ දුරට ජනතාව පිළිගන්න තත්ත්වයකට ඇවිත් තියෙනවා.

අද තියෙන මේ සංකීර්ණ තත්ත්වය ගැන උන්වහන්සේගේ දැනුම ආරක්ෂක සහ බුද්ධි අංශ වලට පාවිච්චි කිරීමට හැකියාව ලැබීම මේ ප්‍රශ්නය සමනය කිරීමට හුඟක් උදව් වෙයි කියන එක මට විශ්වාසයි.

අපි කවුරු කවුරුත් ඒ ස්වාමින් වහන්සේ විසින් ප්‍රකාශ කරපු මතවාදයට ලොකු තැනක් දුන්නේ නැහැ. ඒ මතවාදය දැනගත්තා.. ඔක්කොමල දන්නවා.. නමුත් හිතුවේ නෑ ලංකාවේ මේ ප්‍රශ්නය මෙහෙම වෙයි කියල. ඒක තමයි සිද්ධ වෙලා තිබුණේ. එතකොට ඒකත් එක්ක උන්වහන්සේ එදා කියපු මතවාදයට මම හිතන විදිහට දැන් ලොකු වටිනාකමක් ලැබිලා තිබෙනවා.

Related posts

බලය බෙදන ව්‍යවස්ථාව හදන ජයම්පතීට ලක්ෂ 450ක වාහනයක් !

colombotoday

ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් අද පිහිටුවයි

Admin

අර්ජුන් ඇලෝසියස් ආගිය අතක් නෑ !!

colombotoday

විශේෂ පොලිස් මෙහෙයුමකින් 3880ක් අත්අඩංගුවේ

colombotoday

ක්‍රිකට් අතුරුකමිටුව 20තෙක් බලරහිත කෙරේ…

Admin

ලෝක සාමය රැකගන්න ජනපති මෛත්‍රීගෙන් උදව්

colombotoday