Colombo Today Local News

අල්ලස් කොමිෂමත් දුෂිත නම් කාට කියන්නද ? මෛත්‍රී ගුණරත්න අසයි

අල්ලස හා දුෂණය ගැන කියන්න තියෙන කොමිෂන් එකෙන් දුෂණයන් සිදු වෙනවා නම් පැමිණිලි ඉදිරිපත් කරන්නේ කාටද යන්න ගැටළුවක් බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ඒ මහතා ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ අපිට පහුගිය දවසේ මේ රටේ කීර්තිමත්ම ආයතනයක් ලෙස පැවතිය යුතු අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ විශාල දුෂණ ප්‍රමාණයක් හොයාගන්න හැකි වු බවයි.

අද අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් එකේ ඉහලම ඉන්න අධ්‍යක්ෂක ජනරාල් තුමා සහ තවත් කොමසාරිස්වරු දෙදෙනෙක් මිලියන හතර හමාරක අලුත්  මර්සිඩින්ස් බෙන්ස් රථ තුනක් කුලී පදනම මත ලබා ගෙන තිබෙන බවට වාර්තා වු බව ගුණරත්න මහතා පැවසිය.

එම මාධ්‍ය හමුවේදී  නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා මෙසේ වැඩිදුරටත් අදහස් පල කළේය ” මෝටර් රථ ඔවුන් ලබාගෙන තිබෙන්නේ අති නවීන වර්ගයේ වාහන තුනක් මේ අධ්‍යක්‍ෂ ජනරාල් වරයාගේ සහ කොමසාරිස් වරු දෙදෙනාගේ පාවිච්චියට කොමිසම විසින් ලබා දී තිබියදී වීම මෙහි අවලස්සනම තත්වයයි. ඒ වගේම මේ මෝටර් රථ ක්‍රියා කරන්නේ විදුලි බලයෙනි. නමුත් අපි පැහැදිලිව කියනවා මේ බෙන්ස් රථ සඳහා මේ නිලධාරීන් තුන් දෙනා ඉන්ධන දීමනාවකුත් ලබා ගන්නවා. ඒ වගේම මේ නිලධාරීන් මෙම මෝටර් රථ චාර්ජ් කර ගැනීමට  කොමිෂන් සභාවේ විදුලි බලයද පාවිච්චි කරමින් ඉන්නවා. අපි අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ බලාපොරොත්තු වන්නේ රටේ අනෙකුත් සියලුම ආයතන වලට ආදර්ශයක් වන ආකාරයේ හැසිරීමක්. නමුත් මේ නිලධාරින් හැසිරෙමින් ඉන්නේ “වලන් කඩේට පැනපු ගොන්නු” වගේ. අද මේ කොමිෂන් සභාවේ දුෂණ හොයන්න වෙලා තියෙන්නේ අපිට වීම ඉතාම කණගාටුදායක තත්ත්වයක් ලෙස දකිනවා “යැයි ගුණරත්න මහතා පැවසිය.

Related posts

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ඇරඹෙයි | පළමු මාත්‍රාව ගත් අය කළ යුතු දේ මෙන්න

colombotoday

TNA මන්ත්‍රී ප්‍රභාකරන්ගේ ගෙදර කේක් කපා උපන් දිනය සමරයි !

colombotoday

කොළඹ පාසල් සතියකට වැසෙයි

colombotoday

Bodu Bala Sena: දැයම එක රොදකට සිව් හෙලේ මහ සඟ සමුළුව සජීවීව

colombotoday

ඤාණසාර හිමියන් නිදහස් කරන්න ඉල්ලා හින්දු කෝවිල් 400කින් ජනපතිට ලිපි….

colombotoday

ජනාධිපතිතුමා අපිට කියන්න ඕන නෑ අපේ ස්ත්‍රීන් කොහොමද අඳින්න ඕන කියලා – ප්‍රහාරයේ උනුසුම මැකී යද්දී උලමා සුපුරුදු රිද්මයට එයි…

colombotoday