Colombo Today Local News

මෙහෙම ගියොත් ජනාධිපති බින්දුවෙනුත් පහලට බහිනවා ! මෛත්‍රී කියයි

https://www.youtube.com/watch?time_continue=3&v=LLp-Cgb1R4U

ජනාධිපතිවරයා තවදුරටත් මේ හොරුන් ආරක්ෂා කළහොත් බින්දුවට නොවෙයි බින්දුවෙන් පහලටත් බහින බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා පසුගියදා සෝභිත හිමියන්ගේ ගුණානුස්මරණයට ඇවිත් කියනවා එතුමා 1967 ඉදන් එතුමා ඉහලටම නැගගෙන ගිහින් දැන් එතුමා බැහැගෙන යනවා කියලා.එතුමාට ඇයි එහෙම උනේ කියල සොයා බලන්න ඕනේ,මේ රටේ ජනතාව එතුමාට බලය දුන්නේ මේ රට පාලනය කරන්න.මේ රට සංවර්ධනය කරන්න.නමුත් එතුමා හොරුන්ට නිදහසේ හොරකම් කරන්න දීලා තියෙනවා,මෙහෙම ගියොත් එතුමාගේ ජනප්‍රියතාවය බැහැගෙන බැහැගෙන ගිහින් බින්දුවටම බහිනවා.තව ටිකක් ගියොත් බින්දුවටත් පහලින් යනවා.

මේ ජනාධිපති පත් කරන්න අපිත් විශාල සේවයක් කරා,ඒක අපි බය නැතුව කියනවා ඒ කාලේ රාජපක්ෂලාට විරුද්ධව අපිත් පෙළපාලි ගියා,අපි පාරට බැස්සා.ඒ නිසා අපිට එතුමා එක්ක සංවාද කරන්න අවශ්‍ය නැහැ.අපි තාමත් ගරු කරනවා,නමුත් අපි එතුමාට කියනවා මේ රට මේ විදියට කනත්තට ඇදගෙන යන්න දෙන්න එපා කියලා.

Related posts

වැඩි මිලට ගෑස් මිලදී ගැනීමෙන් වළකින්න – අද සිට කොළඹින් පිටටත් ගෑස්

colombotoday

“අදුරෙන් එළියට” නව ව්‍යවස්ථාවට එරෙහිව ගෝඨාගෙන් අලුත් වැඩක් !

colombotoday

මුහුණු පොතෙන් හමු වූ අනියම් සැමියාට හත් හැවිරිදි දියණිය අපයෝජනයට දීලා

Admin

“රනිල් අගමැතිකම් කරන ආණ්ඩුවක ඇමතිකම් එපා“ කියා සුසිල් ප්‍රේමජයන්ත විදේශගතවෙයි !!

colombotoday

පෙට්‍රල්වලින් භූමිතෙල් ගද වහනය වන බවට රට වටෙන් පැමිණිළි.. IOC බාල තෙල් තොගය හොරෙන්ම ගොඩබෑවාදැයි සැක

colombotoday

කොළඹ වරාය නගරය ගැන විශේෂ තීරණයක්

Admin