Colombo Today Local NewsTop Stories

හිටපු ජනපති සිරිසේන අද අධිකරණයට!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඒ, ජීවිතාන්තය දක්වා මරණ දඬුවම නියමව සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් ගත් තීන්දුවට එරෙහිව විභාග වූ නඩුවට වග උත්තර බැඳීම සඳහායි.

මෙම ආන්දෝලනාත්මක ඝාතන නඩුවේ විත්තිකරුට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව ලබාදීම සමාජයේ බොහෝ දෙනා අතරේ කතා බහට ලක් වූ විවිධාත්මක මාතෘකාවක් වුණා.

කෙසේ වෙතත්, මෙම ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධ ඔහු ගත් තීන්දුව වැරදි එකක් බවයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය වුණේ. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපතිවරයාට රුපියල් මිලියනයක වන්දි මුදලක් ගෙවීමට නියම කොට තිබුණා.

මෙම නඩුව අද දින එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලද අතර එහිදී හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි හිටපු ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා අධිකරණයට දැනුම් දුන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අදාළ වන්දි මුදල සම්පූර්ණයෙන්ම ගෙවා ඇති බවයි .

ඒ අනුව , නඩුවට අදාළ ඉදිරි කටයුතු වලින් ඔහුව නිදහස් කිරීමට විනිසුරු මඩුල්ල අද නියෝග කරනු ලැබුවා .

සටහන – ශෙහාරා

Related posts

ලංකාව අවදානම් රටක් ලෙස නම් කෙරේ… ලොව ආපදා බහුලම රටවල් අතර සිව්වැනි තැනට

colombotoday

‘ආර්ථිකය අවධානමේ බරපතලකම’ IMF ජනපතිට කියයි

Admin

අගමැති දැන් එක්ස්පයර්… රන්ජන් බැට් කරන්න ඉල්ලයි (Video)

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

දිවි රැකදුන් හමුදාවට උතුරේ වැසියන්ගෙන් පැසසුම්…

colombotoday

රට බේරාගන්න නම් මෛත්‍රි – මහින්ද වහාම එක්විය යුතුමයි.. භික්ෂූන් වහන්සේලා ඒ සදහා මැදිහත් විය යුතුයි

colombotoday