Colombo Today Local News

මෛත්‍රීට ඕස්ට්‍රේලියා පත්තරෙන් එල්ලවූ දූෂණ චෝදනා වැරදියි… මහින්දට එල්ලවූ චෝදනා හරි… ආණ්ඩුවේ දෙබිඩි ප්‍රතිපත්තිය මෙන්න

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපිය රැගෙන මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව කටයුතු කිරීම රජයේ දෙබිඩි ප්‍රතිපත්තිය හෙලිවිමක් බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසනවා.

Colombo Today වෙත සම්මුක සාකච්චාවක් ලබා දෙමින් ගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියේ, “එදා චැනල් 9 වීඩියෝව ප්‍රතික්ෂේප කළා.. එය හරී… විදේශවලින් විනිශ්චය කරුවන් පත්කර මෙහි නඩු අහන්න හදද්දී එය ප්‍රතික්ෂේප කළා… ඒක හරී… ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට විරුද්ධව ඕස්ට්‍රේලියාවේ පුවත්පතක දුෂණ චෝදනා තියෙනවා… ඒක ප්‍රතික්ෂේප කරනවා… එකත් හරි.. එතකොට නිව්යෝර්ක් ටයිම්ස් එකේ එක විතරක් ගන්න හදනවා. ඇයි මේ දෙබිඩි පිළිවෙතක්.

බඩගිනි උනහම කබරගොයා තලගොයා කිරීමේ ප්‍රතිපත්තියක් තමයි මේ ආණ්ඩුව කරන්න හදන්නේ.. ” FCID එකට අවුරුදු තුන හමාරක් කරන්න බැරි උන දෙය නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට ලියන කෙනෙක්ට කරන්න පුලුවන්ද කියන එක ගැටළුවක්. මහින්ද රාජපක්ෂ මහතා යනු යුද්ධය ඉවර කල ජනාධිපති තුමා. නිරපරාදේ එතුමාගේ චරිතය ඝාතනය කරන්න කාටවත් අයිතියක් නෑ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමාට ඕස්ට්‍රේලියාවෙන් චෝදනා එල්ල උනහම අපි ප්‍රතික්ෂේප කළා වගේම මේකත් අපි තරයේ ප්‍රතික්ෂේප කරන්න ඕනි. කවුරු හරි හොරකමක් කරලා තිබෙනවානම් අපිට පුළුවන් වෙන්න ඕනි ස්වාධීන පරීක්ෂණයක් කරලා වැරදි කරුවන්ට දඬුවම් කරන්න.

Related posts

“රට කෑව නෙවෙයි ඕයි.. රට බේරගත්ත“.. අමරසේකරගෙන් මාධ්‍යවේදියෙකුට සැර පහරක් !

colombotoday

එජාපය සමග ජවිපෙත් එකතුවෙයි… ජනපතිට එරෙහිව සදුදා කරන්න යන දේ…

colombotoday

මේක බටලන්ද ගැන විතරක්ම නෙවෙයි!

Charith Sankalpana

කෑගල්ල, කළුතර රෝහල්වලටත් ළඟදීම PCR යන්ත්‍ර

colombotoday

කොටි ප්‍රහාරවලිවන් මිය ගිය ඉන්දීය සාම සාදක හමුදාව යාපනයේදී සමරයි

colombotoday

ප්‍රංශ ප්‍රහාරයට බෝම්බ හදා ඇත්තේ ධර්මරාජන් නමැති කළු කොටියා – ජාත්‍යන්තර පොලිසියෙන් පරීක්ෂණ

colombotoday