Colombo Today Local News

මැතිවරණ කොමසාරිස්ට එරෙහි නඩුව: රජයේ නීතිඥවරයා දිනයක් කල් ගයි.

ජනාධිපතිවරන අපේක්ෂකයින් ඩිජිටල් මීඩියා (LED) පුවරුවල සහ සිනමාශාලාවල සිදුකරන දේශපාලන දැන්වීම් වළක්වාලමින් මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කර ඇති නියෝගය අභියෝගයට ලක් කරමින් Emerging Media (Private) Limited ආයතනය විසින් ගොනු කල පෙත්සම අද(31) දිනයේ ශ්‍රේෂ්ඨාදිකරණයේදී යලි කැදවූ අතර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කරනු ලැබුවේයැයි ප්‍රකාශිත තහනම සම්බන්ධයෙන් පෙත්සම්කරු අදිකරණයට ගොනු කරන ලද ලියවිල්ලක් පිලිබඳව වැඩිදුර උපදෙස් ලබා ගත යුතු බවට ගරු අදිකරණයට දන්වා සිටින ලදි.

කෙසේ වෙතත් එම තත්ත්වය මත දිනයක් ලබා දෙන්නේ නම් මෙම නඩුව ජනාධිපතිවරන අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරන කටයුතුවලට අදාල බැවින් හෙට(1) දිනයේදී කැදවන ලෙසට පෙත්සම්කරුගේ නීතිඥවරුන් ඉල්ලා සිටි අතර ඒ අනුව ශ්‍රේෂ්ඨාදිකරණ විනිසුරුවරුන් මෙම නඩුව කරුනු දැක්වීම සදහා හෙට දිනයේදීම කැදවන ලෙසට නියෝග කරන ලදි.

මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගයට එරෙහි මෙම නඩුවේ පෙත්සම්කාර සමාගම වෙනුවෙන් නීතිඥ තිෂ්‍ය වේරගොඩ, ඉරේෂ් සෙනවිරත්න, සංජය මාරඹේ,ප්‍රතාප් වැලිකුඹුර යන මහත්වරු නීතිඥ නිලූකා දිසානායකගේ උපදෙස් මත පෙනී සිටින ලදී.

Related posts

පාසලක සිසුවෙක් ඔංචිල්ලාවෙන් ඇද වැටී මරුට

colombotoday

ගෝඨාභයට මඩ ගහන්න ගිය මරික්කර්ට මාධ්‍යවේදියෙකුගෙන් පාඩමක්

colombotoday

චන්ද්‍රිකාගේ සමග වෙල්ගමත් එක්වෙයි… මහ සමුළුවක් තියා සජිත්ට සහය පල කරන්න යයි !

colombotoday

සංජීව ධම්මික සහ ආනන්ද පාලිත ඇප මත මුදාහරී

Admin

හමුදා කඳවුර ඉවතට.. මුලතිව්, කෝපාපිලව් තවත් ඉඩම් අක්කර 189ක් මුදාහැරේ !

colombotoday

“ජනපති – අගමැති සමගියි.. මහබැංකු අධිපති නිර්දේශ කරන්නේ මමයි” – මුදල් ඇමති

colombotoday