හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ අත්තනගල්ල ප්‍ර දේශයේ පැවති ජනහමුවකට සහභාගී වුණා. මාධ්‍යට එල්ලවල තර්ජන හා ඉන්දු ලංකා ගිවිසුම සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකලාපය පිළිබදව අදහස් දැක්වූ රාජපක්ෂ මහතා, අත්තනගල්ල ප්‍රදේශයේ නෝනා කෙනෙක් ඉදහිටවිත් තර්ජණය කළාට ගණන් ගන්න එපා යෑයිද, වැඩි දවසක් නැතිව ඇය රට යන බවද පවසමින් උපහාසයෙන් යුතුව අදහස් දක්වා සිටියා.