Colombo Today Local NewsTop Stories

මඩකලපුව සියොන් දේවාස්ථානයට එල්ලවූ ප්‍රහාරයේ මරාගෙන මැරෙන බොම්බ කරු මෙන්න

මඩකලපුව සියොන් දේවාස්ථානයේ මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාරයෙන් මියගිය 22 දෙදෙනෙකුගේ මළ සිරුරු හදුනා ගැනිමෙන් පසුව ඥාතීන්ට භාරදු න් බව මඩකලපුව මහා රොහලේ අධ්‍යක්ෂක වෛද්‍ය කේ ගනේෂලිංගම් මහත්මිය පැවසුවාය.

මෙම බොම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් 25 කගේ මළ සිරුරු හදුනා ගෙන තිබේ. තවත් පුද්ගලයෙකුගේ හිසක් සහ පාද හතරක් සහ කදේ කොටසක් මෘත ශරීරගාරයේ ඇති අතර එය තිදෙනෙකුගේ ශරීර කොටසක් විය හැකි බවට අනුමාන කරන අතර අධිකරණ වෛද්‍ය විශේෂඥයින් ගේ පරීක්ෂණ වලින් පසුව එය තහවුරැ කර ගන්නා බව හෙතෙම සදහන් කර සිටියේය.

මෙයට අමතරව මෙම බොම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින් 69 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර දැනට 56 දෙනෙකු ප්‍රතිකාර ලබනඅතර දැඩි සත්කාර ඒකකයේ හත්දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටියි.

මියගිය අයගේ ඥාතින් හඩා වැටෙන ආකාරය එම නිවෙස් වලට ගිය අපට දැක ගැනිමට හැකි වු අතර මිය ගිය අය වෙනුවෙන් අවසන් ගෞරව දැක්විම සදහා විශාල පිරිස් පැමිනෙමින් සිටින ආකාරයක් දැක ගැනිමට හැකිවිය.

මේ අතර මෙම බොම්බ ප්‍රහාරය පිලිබදව මඩකලපුව පොලීසිය මගින් පරීක්ෂණ පවත්වන අතර මරාගෙන මැරෙන බොම්බකරැගේ හිසද හමුවි තිබේ. ඔහු එම ස්ථානයට පැමිණෙන සි.සි.ටි.වි දර්ශණද ලැබි ඇති අතර එම තොරතුරැ ඔස්සේ පරීක්ෂණ පැවැත්වෙන බව මඩකලපුව පොලීසියේ උසස් නිළධාරියෙක් පැවසිය.

මෙයට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ කලාප අණදෙන නිළධාරි අතුල රත්නායක මහතා ඇතුලු නිළදාරින් විසින් ද විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.

ශ්‍රි ලංකා යුධ හමුදාවේ නැගෙනහිර ආඥපති අරුණ ජයසේකර මහතා විසින් නැගෙනහිර පලාතේ දේවස්ථාන සහ නගරයේ ආරක්ෂාවට යුධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබේ.

මඩකලපුව නගරය සුදු සහ කලු කොඩි වලින් සරසා ඇති අතර ශෝකය ප්‍රකාශ කරන බැනර් ද ප්‍රදර්ශණය කර තිබේ.
නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතාගේ උපදෙස් මත මඩකලපුව කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නුවන් මෙන්ඩිස් මහතා ඇතුලු නිළධාරින් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Colombo Today වෙනුවෙන් වසන්ත චන්ද්‍රපාල අම්පාර සිට.

Related posts

‘වාස් ඉල්ලා අස්වුණේ ක්‍රමවේදයෙන් පිට ගෙවීම් කරන්න බැරි නිසයි’

colombotoday

උප්පැන්න සහතිකයෙන් ජාතිකත්වය ඉවත් කිරීම විශිෂ්ඨ තීරණයක් මේ යන්නේ හරි පාරේ.

colombotoday

“අවශ්‍ය වන්නේ ලෙඩේට නියම බෙහෙත. රටේ ප්‍රශ්න වහලා වැඩක් නෑ”

colombotoday

ණය ප්‍රතිව්‍යුහගත යෝජනාවලිය සාකච්ඡාවට අද මුදල් පිළිබඳ කාරක සභාව රැස්වෙයි

Admin

ඔබ තමයි ශ්‍රී ලංකාවේ වීරයා. ඔබ ආඩම්බර වෙන්න. – විරතු හිමිගෙන් ඥානසාර හිමිට පණිවුඩයක්

colombotoday

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin