Colombo Today Local News

උතුරේ කොටි සැමරුමට සිවාජිලිංගම් අවසර ඉල්ලයි

නොවැම්බර් මාසයේ යෙදෙන මහවිරු සතියේ එක දිනක් හෝ උතුරේ වැසියන්ට බාධාවකින් තොරව නිදහසේ සැමරීමට අවස්ථාවක් රජයෙන් ඉල්ලා සිටින බවටත් එය උතුරේ ජනතාවගේ අයිතයක් බවටද උතුරු පලාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ සිවාජිලිංගම් ඉල්ලා සිටියි.

පසුගිය කාලයේ නොවැම්බර් 21 වනදා සිට 27 දක්වා මහවිරු සතිය උතුරු නැගෙනහිර ජනතාව සැමරූ බවටත් එවැනි වාතාවරනයක් දැන් නොමැති නිසාවෙන් නොවැම්බර් 27 වනදා හෝ මහවිරු සැමරීමට උතුරේ ජනතාවට අවස්ථාව ලබා දෙන ලෙසට මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

මන්ත්‍රීවරයාගෙන් මහවිරු සැමරුම් සම්බන්ධයෙන් විමසීමේදී මේ බව කියා සිටි අතර එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

‘ආයුධ ගත්තු ජනතා විමුක්ති පෙරමුනේ නායකයෝ නොවැම්බර් මාසයේ සමරනවා, පොපිමල් දිනය ලෝකයේම සමරනවා ඇයි මහවිරු සැමරුම විතරක් සමරන්න අවස්ථාව නැත්තේ එම නිසා ගරු ජනාධිපතිතුමන්ගෙන් සහ අගමැතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ උතුරේ ජනතාවට නදහසේ බාධාවකින් තොරව මහවිරු දිනය සැමරීමට එක් දිනක් හෝ අවස්ථාව සලසා දෙන ලෙසටයි. යනුවෙනි.

Related posts

මස්කෙලියේ ජුම්මා පල්ලියේ තිබී පිහි 49 ක් පොලිස් බාරයට

colombotoday

රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය

Admin

නව අගමැති මහින්ද, දිවුරුම් දුන් හැටි මෙන්න…

colombotoday

කිලිනොච්චියේ බුදු මැදුරට තහංචි.. උතුරු සභාව යෝජනාවක් සම්මත කරගනී

colombotoday

නීතිය පාසල් පෙළ පොතට….

colombotoday

උතුම් නවම් පොහොය අදයි…

colombotoday