බුද්ධාගමට ප්‍රමුකස්ථානය දීම, විවස්ථාවෙන් ඉවත් කරන්න කැමති අපේක්ෂකයාට සහය දී ජනාධිපති අපේක්ෂකත්වයෙන් උවද ඉවත්වීමට තමන් කැමති බව ජනාධිපති අපේක්ෂක එම්.කේ සිවාජිලිංගම් පවසනවා.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන අපේක්ෂකයන් දෙදෙනාම සිංහල බෞද්ධ ජනතාව අතර වීරයන් වීමට සටනක් දියත් කර ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව දෙමල ජනතාව සජිත් ප්‍රේමදාස මහතාට චන්දය දේවි යැයි සිතුවද එයින් දෙමල ජනතාවට සුගතියක් සිදු නොවන බව එම්.කේ සිවාජිලිංගම් සඳහන් කර සිටිනවා.