World

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ, මියගිය කොටින් සැමරීමට එරට රජය අවසර දෙයි

බ්‍රිතාන්‍ය තුළ කොටි සංවිධානය තහනම් වුවත් මියගිය කොටි ක්‍රියාකාරීන් සැමරීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ සිදු කිරීමට එරට රජය අවසර දී ඇත.

මෙම සැමරුමට බ්‍රිතාන්‍ය ලේබර් පක්‌ෂයේ මන්ත්‍රීවරුන් වන ජෝන් මැක්‌ඩොනල් – ජොනතන් ආෂ්වරින්, ඩැරි නාස්‌ගර්, ජෝෂප් හැමිල්ටන් ඇතුළු මන්ත්‍රීවරුන් රැසක්‌ සහභාගී වීමට නියමිතය.

බ්‍රිතාන්‍ය කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ මන්ත්‍රීවරයකු වන සිසොබ්ගේන් මැක්‌ඩොනා මේ සැමරුම මෙහෙයවයි.

2009 මැයි 18 දා මුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේ ජන සංහාරයක්‌ සිදුවූ බව කියමින් මේ සැමරුම පැවැත්වෙන අතර පාලක කොන්සර්වටිව් පක්‌ෂයේ මන්ත්‍රීවරුන් මෙයට සහභාගි නොවන බව ලන්ඩන් ආරංචි මාර්ග දන්වයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ජන සංහාරයක්‌ සිදුවූ බව දැක්‌වෙන යෝජනාවක්‌ කැනඩා පාර්ලිමේන්තුව වෙතද ඉදිරිපත් වී ඇත.

ඊට කැනඩාවේ පක්‌ෂ දෙකක මන්ත්‍රීවරු පිරිසක්‌ දායක වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

වැඩිම කොරෝනා රෝගීන් හමුවන රටවල් අතර ඉන්දියාව 12 වැනි තැන

colombotoday

කාම්බෝජ විපක්ෂ නායකවරයා වසර 27ක් නිවාස අඩස්සියට

Admin

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් ගණන එක්කෝටි පනස් ලක්ෂය ඉක්මවයි

colombotoday

ඉන්දියාවට රික්ටර් මාපකයේ 5.7 ක භූ කම්පනයක්

Admin

සමාජ දුරස්ථභාවය පිළිබඳ නීති හේතුවෙන් නවසීලන්ත අගමැතිනිය අවහන්හලකින් දොට්ට

colombotoday

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

colombotoday