Colombo Today Local News

LTTE ය නැවත ප්‍රතිසංවිධානය කිරීමට ආධාර අනුබල දුන් අයෙක් නිරෝධායන මධ්‍යස්ථානයකදී අත්අඩංගුවට

2019 වසරේ සිට LTTE සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් මුල්ලියාවේලි නිරෝධායන මධ්‍යස්ථානයේදී ඊයේ (12)දින එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු 41 හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ සැකකරු 2019 වසරේදී ශ්‍රී ලංකාවෙන් කටාර් රාජ්‍ය වෙත පළාගොස් තිබූ බවය.

පසුව ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් ජාත්‍යන්තර පොලීසිය හරහා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිල් නිවේදනයක් ලබාගෙන තිබේ.

ඒ අනුව කටාර් රාජ්‍ය විසින් ඔහුව පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවා තිබූ බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය‍.

අදාළ සැකකරු ශ්‍රී ලංකාවේ දී දින 14ක නිරෝධායන කාලයක් ගතකර ඇති අතර එය අවසන් වූ වහාම ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සැකකරුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවය.

Related posts

ශ්‍රීලනිප මීළග ජනපති අපේක්ෂක ධුරයත් මෛත්‍රීට – යෝජනාව ස්ථීර වෙයි

colombotoday

බඩුමිල, හඬපට අර්බුද අස්සේ විදුලිය කප්පාදුවකට මණ්ඩලේ සැරසෙයි !

colombotoday

ලංකාවේ ISIS ත්‍රස්ත නියෝජිතයාව ඉන්දීය තරුණියට සම්බන්ධ කරදුන් අය හෙළිවෙයි

colombotoday

සජබට එරෙහිව කඩුවෙළ අධිකරණයෙන් ආඥාවක්

colombotoday

ලේ වැකි අනාගතයක් කරා යන්න පුළුවන් තැනකට රට තල්ලු වෙමින් තියෙන්නේ…

colombotoday

රණවිරු සැමරුම් මාසය අද සිට ඇරඹේ

colombotoday