Colombo Today Local News

LTTE සංවිධානය වළ දමා තිබූ ගිනි අවි ගොඩගෙන ප්‍රවාහනය කිරීමේ නඩුවෙන් ගනේමුල්ලේ සංජීව ඇතුළු 11ක් නිදහස්

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු යැයි කියන සංජීව සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීව ඇතුළු 11 දෙනෙකු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.

ඒ, නඩුව ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවේ අද(12)දින කැඳවූ අවස්ථාවේදීය.

LTTE සංවිධානය විසින් පසුගිය යුද සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල වළ දමා තිබූ, ක්ලේමෝ බෝම්බ, ටී-56 ගිනි අවි ඇතුළු අවි ආයුධ තොගයක් ගොඩගෙන කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට රහසිතගව ප්‍රවාහනය කර, පාතාල කල්ලි සාමාජිකයින්ට අලෙවි කිරිම සහ ඒවා මිලදී ගැනීම ඇතුළු චෝදනා යටතේ, නඩුව පවරා තිබුණි.

මෙතෙක් කළ විමර්ශන අනුව, ඔවුන් 11 දෙනාට එරෙහිව නඩු පැවරීමට තරම් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවත්, සෙසු සැකකරුවන් 4 දෙනාට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට පියවර ගන්නා බවත්, පෙන්වා දෙමින් කොළඹ අපරාධ කොට්ඨාසය කළ කරුණු දැක්වීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම නියෝග කළේ ය.

වත්තල ප්‍රදේශයේදී ගිනි අවියක් සමග අත්ඩංගුවට ගත් හිටපු LTTE සාමාජිකයෙකුගෙන් අනාවරණ කරගත් තොරතුරු ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාසය ගනේමුල්ල සංජීව ඇතුළු 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන වසර දෙක හමාරකට ආසන්න කාලයක් ඔවුන් රැඳවුම් නියෝග යටතේ සහ රක්ෂිත බන්ධනාගාරගත කරමින් විමර්ශනය සිදු කර තිබේ.

Related posts

ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත හානි 290 දක්වා ඉහළට… 500 කට පමණ තුවාල

colombotoday

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ අමුත්තන් බලන්න හෙරොයින් අරන් ඇවිත්

Admin

අගමැති මහින්දගෙන් කොරියානු ආයෝජකයින්ට ආරාධනයක්

colombotoday

රවී නිර්දෝශියි. විජ්ජා නොපෙන්වා සැබෑ හොරු අල්ලනු – උලපනේ සුමංගල හිමි

colombotoday

ඡන්දේ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

Admin

විදෙස්ගත ශ්‍රමිකයන්ට තීරුබදු රහිත වාහනයක් සහ දායකත්ව විශ්‍රම වැටුපක් !

colombotoday