Colombo Today Local News

රවී නිර්දෝශියි. විජ්ජා නොපෙන්වා සැබෑ හොරු අල්ලනු – උලපනේ සුමංගල හිමි

බැඳුම්කර ගනුදෙනුව සඳහා වගකිව යුත්තේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් බවත් පැත්තක සිටි රවී කරුණානායක නොවන බවත් දුෂණ විරෝධී පෙරමුණේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමි පවසනවා. ඒ බැඳුම්කර දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කලයුතු බව පවසමින් අද(5) පැවති මාධ්‍ය හමුවකදීයි.

මහ බැංකු බැඳුම්කරයේ සැබෑ හොරු හෙලි කළ යුත්තේ විජ්ජා පෙන්වීමකින් තොරව බවත් රවී කරුණානායක ඇමතිවරයා මුදල් ඇමති ලෙස කටයුතු කලද මහබැංකුව ඔහු යටතේ නොතිබුන බවත් මෙහිදී උලපනේ සුමංගල හිමි අවධාරණය කර සිටියේය.

“දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරණු” යැයි රජයට බලකරමින් හෙට (6) උදේ 9.30 ට පාර්ලිමේන්තු වට රවුමේදී උද්ඝෝෂණයක් පැවැත්වෙන බවත් මෙහිදී උන්වහන්සේ සඳහන් කර සිටියා.

Related posts

ගුරු විභාගයෙන් උපාධිධාරීන් 2,400ක් තෝරාගෙන අවසන් – සුසිල් ප්‍රේම්ජයන්ත්

Admin

බාලදක්ෂ ජම්බෝරියට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කොරියාවට ළඟාවෙයි..

Admin

ඉන්දීය යුධ නැව් තුනක් ත්‍රිකුණාමල වරායට ඇතුල් වේ

colombotoday

දුම් ඇල්ලීම නිසා ස්නායු ශෛලවලට හානි සිදු විය හැකි.. කිසිසේත් හුමාලය ආග්‍රානය නොකරන්න

colombotoday

අර්ථසාධක අරමුදල් නොගෙවන හාම්පුතුන්ගෙන් ඒවා අයකර ගැනිමට පියවර

colombotoday

උද්ඝෝෂණ කරන්න කොළඹින් තැන් දෙකක් වෙන් කරයි

colombotoday