Colombo Today Local News

LMG අවිය TIDයෙන් එළියට ගත්තේ මෛත්‍රී,මහින්ද,ගෝඨාභය ඝාතනය කිරීමටයි….

පසුගිය දිනෙක මුලතිව් දිස්ත්‍රික්කයෙන් හමු වූ ත්‍රස්තවාදීන්ට අයත් ආයුධ තොගය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා පොලිසිය ජනතාවගෙන් වසන් කරන බවත් මේ පිළිබඳ සත්‍ය තොරතුරු හෙළිකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අභියෝග කරන බවත් ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

මෙලෙස කරුණු වසන් කිරීම ජනාධිපති සහ හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ පවුල ඝාතන කුමන්ත්‍රණයේ මූලික පියවරක් දැයි සැකයක් මතුවන බවද මන්ත්‍රිවරයා අවධාරණය කළේය.

ඊයේ (10දා) බොරැල්ල, එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් එබව පැවසු මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

”ජනාධිපතිවරයාගේ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ උදවියගේ ජීවිතය නැති කිරීමට උත්සාහ කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් පිළිබඳ හෙළිවුණා. ඊට අදාළ පරීක්ෂණත් දැන් පැවැත්වෙනවා.

ඊටම සම්බන්ධ තවත් කාරණාවක් පොලිසිය මඟින් වසන් කරලා තිබෙනවා. ඒ තමයි පසුගියදා මුලතිව්වලදී ත්‍රස්තවාදීන්ගේ ආයුධ තොගයක් හමුවුණා. එම ආයුධ තොගය හමුවුණෙත් ත්‍රස්ත විමර්ශන ඒකකයට නෙවෙයි.

මේක සොයාගත්තේ දේශප්‍රේමී යුද විරෝධී උතුරේ වැසියකුගෙන් ලැබුණු ඔත්තුවකට අනුව පාරේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක්.

එහි තිබුණා කොටි සංවිධානයේ නිල ඇඳුම්, පුපුරන ද්‍රව්‍ය, ස්නයිපර් තුවක්කුවලට භාවිත කරන ස්කෝප් කණ්ණාඩි 2ක්. එකක් භාවිත කළ එකක්. අනෙක පැකින්වත් කඩලා නැහැ.

මේ උපකරණ පිළිබඳව මුලතිව් පොලිසිය ත්‍රස්ත විමර්ශන ඒකකයට පැමිණිලි කරලා පොලිස්පතිවරයාට ඉදිරිපත් කරනවා. නමුත් මේ සම්බන්ධයෙන් ඔහු කිසිම පරීක්ෂණයක් සිදු කළේ නැහැ. හරි නම් ඒක සී.අයි.ඩී. එකට භාරදීලා ඉදිරි වැඩකටයුතු සිදු කරන්න ඕන.

ඒ වාර්තාවේම සඳහන් වෙනවා එක සැකකරුවෙක් කියලා තිබෙනවා මේකට අදාළ ස්නයිපර් තුවක්කු තාම ඒ අය ගාව තිබෙන බව. ඒ ගැන විමර්ශනයක් කරලත් නැහැ.

ස්කෝප් කණ්ණාඩි දෙක පිළිබඳව පොතක වාර්තා කරලත් නැහැ. මේවා අද අතුරුදන් වෙලා තිබෙනවා. කුමන්ත්‍රණයේ මූලික සැලසුමක්ද මෙය කියලා අපට හිතෙනවා.

LMG අවියක්පොලිස්පතිවරයා ත්‍රස්ත විමර්ශන ඒකකයට ලබාදුන් එල්.එම්.ජී. තුවක්කු දෙකක් කිසිම සටහනක් තබන්නේ නැතිව එළියට අරගෙන තිබෙනවා.

ජන බලය තුළදී මහින්ද රාජපක්ෂ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් එක තැනකදී ඝාතනය කිරීමට තමයි මේ තුවක්කුව එළියට ගත්තේ. නමුත් අද වන තුරු කිසිම පරීක්ෂණයක් පවත්වලා නැහැ.

අපි මෙතැන සිට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අභියෝග කරනවා මේ තොරතුරු හෙළිකරන ලෙස.’

Related posts

බැදුම්කරයට චන්ද්‍රිකාගේ නමත් ගෑවෙයි.. කෙරුවාවන් තොගයක් එළිකරන්න යයි

colombotoday

ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් කැනීමට අලුත් සමාගමක්

colombotoday

කළු දිලීර රෝගීන්ට කොවිඩ් ආසාදනය වෙලා නෑ.. පසෙහි අඩංගු දිලීර රෝගය හැදෙන්නේ ප්‍රතිශක්තිකරණය අඩු අයට – වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර

colombotoday

අලුත් ව්‍යවස්ථාව ජනමතයට පිටුපෑමක්… එජාපය ඩී.එස්. ඩඩ්ලිලාටත් අවනම්බු කරනවා – මල්වතු අනුනාහිමි

colombotoday

කුරුණෑගල නගරධිපතිගේ රිට් පෙත්සම විභාගයට නොගෙනම විසි වෙයි

Admin

මහවැලි ජලාශවල ජල මට්ටම 46%ක් දක්වා ඉහළ යයි

Admin