Business

ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිෂ්පාදිත නව ප්‍රිමියම් හයිබ්‍රිඩ් ගෑස් | ලිට්‍රෝ සමාගමේ නව්‍ය හා ආරක්ෂිත LPG විසඳුම.

වැඩිවන පාරිභෝගික ඉල්ලුම සපුරාලීම සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා අද්විතීය LPG විසඳුමක් හඳුන්වා දී තිබෙනවා.

නව ප්‍රිමියම් හයිබ්‍රිඩ් ලීටර් 18 සිලින්ඩරය ගෝලීය විශේෂිකරනයන්ට අනුව නිර්මාණය කර ඇති අතර විශිෂ්ට ආර්ථික ප්‍රතිලාභයක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ LPG කර්මාන්තයේ විප්ලවීය වෙනසක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නව ප්‍රිමියම් හයිබ්‍රිඩ් ගෑස් වෙතින් ගනුදෙනුකරුවන්ට නව්‍ය හා ආරක්ෂිත LPG විසඳුම් ලබා දීමට හැකිවනු ඇති බවට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විශ්වාස කරයි.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් හඳුන්වා දී ඇති ගෑස් පයිප්ප මගින් බෙදාහරින ක්‍රමය LPG සැපයුමේ ඉහළම ආරක්‍ෂිත ක්‍රමවේදයන් සහතික කිරීම සඳහා වන වැදගත් පියවරකි. එසේම නිවසට හෝ සේවා ස්ථානයට LPG ලබා දීමට පහසු ක්‍රමයකි. සපයනු ලබන ගෑස් මැනීම ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව ලීටර් වලින් සිදුකරනු ලබයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ කමල් වික්‍රමසිංහ මහතා පවසන්නේ නව ප්‍රිමියම් හයිබ්‍රිඩ් ලීටර් 18 සිලින්ඩරයට වැඩි කාර්යක්ෂමතාවයකින් යුක්ත බවයි.

“අපි සිලින්ඩරයක් ගෙදර ගෙනැවිත් ඔබේ මුළුතැන්ගෙයෙහි ගබඩා කර තැබීමට වඩා එල්පීජී සැපයුම පිළිබඳ සංකල්පය ගෙන යන්නෙමු. අපගේ ගනුදෙනුකරුවන්ට ඉල්ලුමට අනුව අවශ්‍ය සැපයුම පහසුවෙන් ලබාගත හැකි පරිදි LPG ලබා ගැනීමේ ක්‍රියාවලිය ද ඉදිරි පිම්මක් පනිනු ඇත.”

“එය ප්‍රොපේන් බියුටේන් එල්පීජී මිශ්‍රණයේ ප්‍රශස්ත ප්‍රොපේන් සංඝටකයක් ඇති අතර එමඟින් වැඩි වාෂ්ප අවකාශයක් සහතික කරයි. එබැවින් වඩාත් කාර්යක්ෂම පිරවුමක් ලබා දෙන අතර එමඟින් වේගවත් සැපයුම් ක්‍රියාවලියක් සිදු වේ.”

Related posts

අධි සුඛෝපභෝගී හම්බන්තොට ෂැන්ග්‍රී-ලා ජූනි 1 විවෘත වේ

colombotoday

බාල්දු වීමේ ලෝක වාර්තාව රුපියලට හිමියි. ඉතිහාසයේ මුල් වරට ඩොලරයක් රු142ට නගී.

colombotoday

ගමක මිනිස්සු හූරා කෑමට Dialog දැරූ උත්සාහය. | 3000 ක් ඉල්ලුවේ නෑ කියලා වොයිස් කට් එකකුත් ඉල්ලලා. | හාමුදුරුවෝ සියල්ල හෙළිකරති.

colombotoday

ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිල වෙනස් වෙයි

colombotoday

ඩොලරය පිමිබෙද්දී රත්තරන් ගණන් උස්සයි

Admin

රුපියල තවත් නන්නත්තාර වෙයි

Admin