Colombo Today Local News

සෞඛ්‍ය අමාත්‍යංශයේ අවලංගු කල ටෙන්ඩර් හොර පාරෙන් ලබා ගැනීමේ උත්සහයක්.

මහාපරිමාණ තට්ටු නිවාස සෑදීමේ ප්‍රකට සමාගමක් වන Blue ocean සමූහ ව්‍යාපාරයට අයත් Link Engineering සමාගම විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට විශාල මුදලක් ගෙවීමට ඇති බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින බව මීට ඉහතදී අප වාර්තා කර සිටියා.

කල්මුණේ රෝහලට යෝජිත අෂ්රොෆ් හදිසි අනතුරැ ප්‍රතිකාර ඒකකය සහ මුල්ලේරියාව රෝහලේ ඉදිකිරීමක් සඳහා වන ටෙන්ඩර් අදාළ සමාගම ලාබගෙන ඉදිකිරීම් අතහැර දැමීම හේතුවෙන් සෞඛ්‍ය අමත්‍යංශය විසින් එම ටෙන්ඩර් අවලංගු කිරීමට මීට ඉහතදී කටයුතු කරන ලදි. කෙසේ වෙතත් නව සෞඛ්‍ය අමාත්‍යවරිය පත්වීමෙන් පසු අමාත්‍යවරියගේ හිතවතුන්ට අල්ලස් සහ විශාල කොමිස් මුදලක් ලබා දෙන පවසමින් අවලංගු කරන ලද ටෙන්ඩර් නැවත සක්‍රිය කිරීමට Link Engineering සහ Blue Ocean සමාගම් ජාලයේ සභාපතිවරයා වන සිවරාජා තුමිලන් නැමැත්තා උත්සහ ගනිමින් සිටින බව වාර්තා වේ.

අතිවිශාල ජනතා පැතුම් ඉටු කිරීම සඳහා අලුත් රටක් නිර්මාණය කිරීමට බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු කරුණු යථාර්තයක් බවට පත් කර ගැනීමටනම් මෙවැනි වංචා කරුවන්ට හසු නොවීමට අමාත්‍යවරුන් වගබලා ගත යුතුව ඇත.


මීට පෙර අප වාර්තා කල පුවත…

Related posts

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ධූරයෙන් ඉවතට

colombotoday

කොරෝනා අස්සේ ජනතාවගේ සාක්කුවට විදින හොර පැණි සහ චූර්ණ නියාමනය කරන්නේ කවදාද?

colombotoday

ශ්‍රී ලාංකිකයන්ට ක්ෂේත්‍ර 14ක ජපානයේ අසීමිත රැකියා…

colombotoday

රජයේ රෝහල් වල CT ස්කෑන් යන්ත්‍රවලින් 10 ක් අක්‍රියයි

Admin

ජයග්‍රහණයට වෙට්ටු දැමූ බවට සජිත් පිළෙන් රනිල්ට චෝදනා !

colombotoday

ෆේස්බුක් සමාගමෙන් ශ්‍රී ලාංකිකයන් වෙත ඉල්ලීමක්…

colombotoday