Colombo Today Local News

රුපියල් කෝටි 20ක වංචාවක් : ලක් පොහොර හිටපු සභාපති අත්අඩංගුවට

කාබනික දියර පොහොර ව්‍යාපෘතියකින් යහපාලන රජය යටතේ රුපියල් කෝටි විස්සක වංචාවක් කළැයි ලක් පොහාර සමාගමේ හිටපු සභාපතිවරයා ඊයේ (19 වැනිදා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සභාපතිවරයා බේලෝන් නමැති පෞද්ගලික සමාගමක් ඇරැඹීමට බැංකු ඇපකරයක් සේ ලක් පොහොර සමාගමේ ස්ථාවර තැන්පතුවක තිබූ රුපියල් මිලියන එකසිය විසි පහක් ලබා දී ඇතැයි හෙළි වී තිබේ.

එම සමාගම රජයේ කාබනික දියර පොහොර ව්‍යාපෘතියක් ලෙස පොහොර සංස්ථාවේම මුදල්වලින් අරඹා ඇතත් බලධාරීන්ගේ වුවමනාවෙන්ම එය අසාර්ථක ව්‍යාපාතියක් වී ඇතැයි හෙළි වී ඇත. මේ නිසා රජයට වූ පාඩුව රුපියල් කෝටි විස්සක් බවට ගණන් බලා ඇත.

Related posts

Video: කැබිනට් මණ්ඩලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ඉන්නවා

colombotoday

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මැතිසබයට

Admin

ඉන්දියාවේ සිට සේවකයින් 45 දෙනෙකු රැගෙන එයි

colombotoday

බ්‍රිතාන්‍ය අගමැතිට රනිල් ලංකාවේ අර්බුදය ගැන කියයි. – දේශගුණික විපර්යාසවලට මුහුණදීමට සහය දක්වන බවට පිළිතුරු.

colombotoday

හිජාස් හිස්බුල්ලාට එරෙහිව නීතිපති අධිචෝදනා ගොනුකරයි

colombotoday

නුවරඑළිය අධිකරණයේ නඩු කටයුතු තාවකාලිකව අත්හිටුවන්නැයි නිතීඥ සංගමයෙන් ඉල්ලීමක්

colombotoday