Colombo Today Local News

‘කොටි හඬ’ට පණ එයි! යළිත් විකාශණය ඇරඹේ

koti handa 566566

කොටි ත්‍රස්තවාදී සංවිධානයේ නිළ ගුවන්විදුලිය වූ “කොටි හඩ“ ගුවන්විදුලියේ විකාශන කටයුතු යළිත් අරඹා තිබෙනවා.

අන්තර්ජාලය සහ දුරකථන ජාල ඔස්සේ මූලික වශයෙන් මෙම නාලිකාව විකාශනය කෙරේ. එය ශ්‍රී ලංකාවට හදුන්වා දෙමින් ඔවුන් මෙසේ නිවේදනය කර ඇත.

“නැවතත් සුභ ආරංචි සමඟින් කොටි හඬ ගුවන් විදුලිය ඔබලා හමුවේ. මේ වනවිටත් යුරෝපා රටවල, ඒ ඒ දුරකථන අංක ඔස්සේ අපගේ විකාශනයට සවන්දිය හැකිය.ඒ ආකාරයෙන්ම, සතුටුදායක ආරංචියක් ලෙස නැවතත් 2016.02.17 වන දින සිට දෙමළ ඊළාම් මාතෘ භූමිය කරා අපගේ ජාතික හඬ වන කොටි හඬ ගුවන් විදුලිය විකාශනය වේ. දෙමළ ඊළාම් ජනතාව වෙනුවෙන් වෙන්කල +94 0115896981 යන ශ්‍රී ලංකාව සඳහා වන දුරකථන අංකය සමඟ සම්බන්ධවීමෙන් පැය 24 පුරා අපගේ සේවයට සවන්දිය හැකිය.”

දෙමළ ඊළාම් මාතෘ භූමියෙත්, ශ්‍රී ලංකාවේ සහ තමිල්නාඩුවේ ජීවත්වන අපගේ ඥාතීන්ටත් මෙම ශ්‍රී ලංකාව සඳහා වන දුරකථන අංකයට ඇමතුමක් ලබාගැනීම තුලින් කිසිදු නීතිමය ගැටළුවකින් හෝ මෙම අංකයට කතාකරන පුද්ගලයින් සිංහලයින්ගේ විරුද්ධවාදීන් ලෙස හඳුනාගෙන ඝාතනය කිරීමට නොහැකි වන අන්දමින් නවීන තාක්‍ෂණයකින් මෙම සේවාව සකස්කර ඇති බව දැනුම්දීමට කැමැත්තෙමු.

ඒ ආකාරයෙන්ම, කොටි හඬ ගුවන් විදුලියට සවන්දිය හැකි ලොවපුරා විවිධ රටවල දුරකතන අංක සඳහන් කර තිබේ.
දෙමළ ඊළාම් මාතෘ භූමිය : +94 0115896981
ශ්‍රී ලංකාව : +94 0115896981
ඇමරිකාව : +001 06054755873
කැනඩාව : +001 08676750276
ප්‍රංශය : +33 0180142966“

ත්‍රස්තවාදී හා වෙනම රාජ්‍යයක් සදහා වූ බෙදුම්වාදී මතවාද ප්‍රචාරය කිරීම නීතියෙන් තහනම් වන අතර මෙම ගුවන්විදුලිය ලංකාවට අවහිර කිරීමට රජය මෙතෙක් කටයුතු කර නැහැ.

Related posts

“මගේ ඇම්බුස් එකෙන් උබ බේරුනේ ෆවූසි නිසයි.” නාකොටික් IP රංගජීවගෙන් මාකඳුරේ මදුෂ් ගැන සටහනක්

colombotoday

ද ෆිනෑන්ස් තැන්පතුකරුවන් සදහා නිවේදනයක්

colombotoday

බන්ට් එකේ කුඩු නෝනා අත්අඩංගුවේ

colombotoday

අරගලකරුවනුත් දේශපාලනයට… ‘ජන අරගලයේ පුරවැසියෝ’ නමින් නව දේශපාලන පක්ෂයක්

colombotoday

ජනපතිගේ තවත් නියෝගයක් විසිවේ.. ඇමතිලාට ගෙවල්, වාහන ගන්න තවත් පරිපූරක ඇස්තමේන්තුවක් !

colombotoday

“විහිළුවක් වෙන්න බෑ.. මම ගේමට රෙඩී“ – ෆොන්සේකා අලුත් තනතුර සිරාවටම ඉල්ලලා !

colombotoday