Colombo Today Local News

තව්හිද් ජමාත් ත්‍රස්ත පුහණු කදවුරක් කාත්තන්කුඩියෙන් සොයා ගනී….

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා විසින් පවත්වාගෙන ගිය පුහුණු කඳවුරක් ලෙසට සැලකෙන ස්ථානයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයේ සිදු කරන ලද මෙහෙයුමකදි පුහුණු කඳවුරක් ලෙස සකස් කළ මෙම නිවස සොයා ගැනිම සමත්වි ඇත.

සිව් මහලකින් යුත් මෙම නිවස උඩ වතුර ටැංකියක් තබා ඇති අතර එම ස්ථානයේ සිට අවට ප්‍රදේශ හොදින් නිරීක්ෂණය කිරිමට හැකියාව තිබේ.

අවට ගම්වැසියන් නොමග යැවිම සදහා මෙම ස්ථානය ගොවිපලක් පවත්වා ගෙන යන ලෙසට සකස් කර තිබේ. සහරාන්ගේ සහෝදරයා වන රිල්වාන් ගේ අතේ ඇගිලි සහ ඇසක් තුවාල වි ඇත්තේ මෙම ස්ථානයේ බෝම්බයක් හදන විට පුපුරා යෑමෙන් බව ආරක්ෂක අංශ විශ්වාස කරයි.

මෙම ස්ථානයේ තිබී බෝම්බ සකස් කිරිමට ගත් එස්ලොන් බට තුනක් ද සොයා ගැනිමට හැකි වී ඇති අතර, තාප්ප පිපිරවීමට මෙම එස්ලොන් බට යොදා බෝම්බ සකස් කරන බවද ආරක්ෂක අංශ සදහන් කරයි. 

පසුගිය දිනෙක කටුනායක ගුවන් තොටුපලේ ආරක්ෂිත වැටක් අසළ තිබි මෙවැනි බෝම්බයක් හමුවී තිබේ.

මෙම ඉඩමේ සිටි පුද්ගලයෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිළිබඳව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

https://www.facebook.com/itnnews.lk/videos/540710282999488/

Related posts

2022 වසරේ අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය පොහෝ දා

Admin

අජි‍නොමොටෝ (MSG)රසකාරක මාරයා වෙළදපොලෙන් ඉවතට

colombotoday

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 24 ක අගරු චෙක්පත්

colombotoday

සංහිදියාව තහවුරුයි.. ඇවිත් වෙනස බලන්න.. විදේශ ඇමතිගෙන් ජාත්‍යන්තර දෙමළ සංවිධානවලට ඇරයුම් !

colombotoday

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ සංඛ්‍යාව 70 දක්වා ඉහළට

colombotoday

කුසල් මෙන්ඩිස්ට කොවිඩ්

colombotoday