Colombo Today Local News

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස දිවි හැර යයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්ස්රේ අංශයේ සේවය කරනු ලැබූ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස ඔහුගේ නිවසේ දී මියගොස් සිටිය දී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

එලෙස මියගොස් ඇත්තේ ප්‍රභාත් චාමර සම්පත් නැමති 37 හැවිරිදි ගාල්ල, තලගහහේන පටුමඟ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

අදාළ වෛද්‍යවරයාගේ බිරිඳ ද කරාපිටිය රෝහලේම සේවය කරන වෛද්‍යවරියකි.

සිදුවීම සිදුවු අවස්ථාවේදී වෛද්‍යවරිය (බිරිද) නිවසේ සිට නොමැති අතර, මියගිය වෛද්‍යවරයාගේ දේහය මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය අධිකරණ වෛද්‍ය ඒකකය වෙත යොමුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.

Related posts

ශ‍්‍රීලනිපය 03 වැනිදා ආණ්ඩුවෙන් ඉවතට

colombotoday

පොලිසියට තග දැමූ මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට

Admin

පළමු පාසල් වාරය ලබන 21වනදායින් අවසන්

Admin

අය වැය දෙවනවර කියවීමේ විවාදය අද සිට ඇරඹේ

Admin

ඩෙල්ටා බෝම්බය පුපුරලා අවසන්.. රනිල් යුද හමුදාව විවේචනය කරන්නේ එයට ඇති බිය නිසා

colombotoday

රාජසන්තක කළ කහ කිලෝ 13,000ක් කුළුබඩු මණ්ඩලයට

colombotoday