Covid 19

නල දරු ක්‍රමයෙන් මවක් වෙන්න පෙරුම් පිරූ කාන්තාවක් කොරෝනා හේතුවෙන් දරුවා ද සමග අවසන් ගමන් යයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ ප්‍රතිකාර සඳහා යොමුකර සිටි කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාව අද මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මුල්ලේරියා රෝහලේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් එක්මෝ ප්‍රතිකාර සඳහා යොමු කළ ද මවගේ හෝ දරුවාගේ ජීවිත බේරාගැනීමට නොහැකි වූ බව වෛද්‍යවරු පවසති.

44 වැනි වියේ පසුවූ මෙම කාන්තාව දරුවකු නොමැතිවීම හේතුවෙන් නල දරු ක්‍රමයෙන් දරුගැබක හිමිකාරියක වූවාය. කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලට යොමුකර එක්මෝ ප්‍රතිකාරයට යොමුකර සිටිය දී සිහි මුර්ජා තත්ත්වයෙන් ම ඇය මීට දින කිහිපයකට පෙර මළ දරු උපතක් සිදුකළාය.

කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ මෙම කාන්තාව දින 11ක් පමණ එක්මෝ යන්ත්‍රයේ උපකාරයෙන් ප්‍රතිකාර ලැබූ බවයි.

එසේ වුව ද වෛරසයේ බලපෑමෙන් ඇයගේ මොළය ඉදිමීමේ තත්ත්වයක් දක්නට ලැබුණු බව ඔවුහු පවසති.

Related posts

මනාලියට කොවිඩ්: මනාලයා නිරෝධායනයට

colombotoday

තුන්වන කොවිඩ් රැල්ලක් ඇති වීමේ දැඩි අවදානමක් ගැන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

වෛද්‍ය පද්ම ශාන්ත කොවිඩ් ආසාදනයෙන් මිය යයි

colombotoday

දැනට නව ආසාදිතයින් 2,825ක්

colombotoday

කොරෝනා ආසාදිතයන් ගණන 630 දක්වා ඉහළට

colombotoday

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ පුද්ගලයින් 49 දෙනෙකු කොරෝනා. PCR කර ඇත්තේ 100 දෙනෙකුට පමණයි

colombotoday