Colombo Today Local News

වෙනම ප්‍රාදේශීය සභාවක් ඉල්ලා කල්මුනේ හර්තාල්… තෙදිනක නෝම්බි උපවාසයකුත් අරඹයි !

කල්මුනේ සයින්දමරුදු ප්‍රදේශයට නව ප්‍රාදේශීය සභාවක් ඉල්ලා සයින්දමරුදු නගරයේ සියලුම කඩ සාප්පු වසා දමා අද (30දා) සිට දින තුනක් අඛණ්ඩව මහා හර්තාලයක් පැවැත්වීමට මුස්ලිම් පල්ලිවල පාලක මණ්ඩල, උලමාවරු ඇතුළු මුස්ලිම් ආගමික සංවිධාන හා සිවිල් සංවිධාන තීරණය කොට තිබේ.

පසුගිය සිකුරාදා ප්‍රදේශවාසීහු පෙළපාළියකින් ගොස් සයින්දමරුදු ප්‍රදේශයට ප්‍රාදේශීය සභාවක් ලබාදෙන ලෙස දින තුනක අඛණ්ඩ හර්තාලයක් පවත්වන බව සයින්දමරුදු ප්‍රාදේශීය ලේකම්වරයාට ලිපියක් භාරදී තිබේ.

පසුගිය 2015 මහ මැතිවරණ සමයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සයින්දමරුදු ප්‍රදේශයට පැමිණ ප්‍රදේශයේ මුස්ලිම් නායකයන්ට සයින්දමරුදු ප්‍රදේශයට ප්‍රාදේශීය සභාවක් ලබාදෙන බවට දුන් පොරොන්දුව සිහිපත් කරන ප්‍රදේශයේ ජනතාව ඇතුළු මුස්ලිම් ආගමික හා සිවිල් සංවිධාන, අද (30දා) සිට දින තුනක කඩ සාප්පු වසා, වයෝවෘද්ධ පිරිස් දින තුනක් නෝම්බි ආගමික වතාවත්වල එළඹී උපවාසයේ යෙදීමටත් මුස්ලිම් දේශපාලනඥයනට දුන් පොරොන්දුව ඉටු කරන ලෙසත් ඉල්ලා මේ හර්තාලයේ යෙදීමට නියමිත බව පැවසේ.

තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් මේ දින තුන නොලැබුණහොත් අඛණ්ඩ හර්තාලයක් දියත් කරන බව එම සංවිධායකයෝ පවසති.

Related posts

මැණික් පතලක පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

Admin

හිරුණිකාගේ දේශපාලන මැර බලයෙන් රත්නපුරේ මහා දැව කොල්ලයක්… අක්කර අටදාහක් තුන් ඈවරයි

colombotoday

පළාත් අතර ධාවනය වන විශේෂ දුම්රිය පහක ගමන්වාර දහයක් අද සිට

colombotoday

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව උත්තරීතර මහනායක මාහිමිපාණන් වහන්සේ !

colombotoday

වෙනම තරඟ කරන්න නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දැරූ උත්සාහය මෛත්‍රිපාල සිරිසේන වලක්වයි

colombotoday

“අගමැති ඇතුළු එජාපයට තරු පෙන්නනවා” – නියෝජ්‍ය ඇමති මුතුහෙට්ටිගම

colombotoday