Colombo Today Local News

කොවිඩ් නිව්මොනියාවෙන් කල්මුනේ රෝහලේ වෛද්‍යවරියකගේ මව මියයයි. වංගුවක් ගසා භුමිදානයට අර අඳියි. මිනිය දින 4ක් මෝචරියේ.

කල්මුනේ අශ්රොෆ් රෝහලේ වෛද්‍යවරියකගේ මව කොවිඩ් රෝග ලක්ෂණ සහිතව පසුගිය 10 වනදා කල්මුනේ අශ්රොෆ් රෝහලට ඇතුලත් කර ඇත. කෙසේවෙතත් PCR පරීක්ෂණය සිදු නොකර ඇය රෝහලට ඇතුලත් කරගැනීමට වෛද්‍ය දියණිය ක්‍රියා කර ඇත.

කෙසේ වෙතත් රෝහලේ වෙනත් වෛද්‍යවරයෙකු මෙම කාන්තාවට රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව සිදුකර ඇති අතර එයින් ඇය කොරෝනා රෝගියෙකු බව තහවුරු වී ඇත.

ඊට පසුදින කොරෝනා නිව්මොනියා තත්වය හේතුවෙන් ඇය මියගොස් ඇත. මරණය සිදුවීමේ පසුව වෛද්‍ය දියණිය විසින් රෝහල් අධිකාරීවරයාට පැමිණිලි කර යලි PCR පරීක්ෂණයක් සිදුකිරීමට උත්සහ දරා ඇත. ක්‍රමවේදයට විරුද්ධව මෙම මරණය සම්බන්ධයෙන් ක්‍රියා කිරීම රෝහලේ අනෙකුත් වෛද්‍යවරු විරෝදය පළකර ඇත.

ගුරුවරියක වන මියගිය කාන්තාවගේ සිරුර පරීක්ෂණ කිරීම සඳහා හදිසි මරණ පරීක්ෂකට යොමු කර ඇති අතර ඔහු අදාළ වෛද්‍යවරියගේ මිතුරෙකු ලෙස වාර්තා වෙයි.

මේ වන විට වෛද්‍යවරිය නිරෝදායනයට යොමු කර ඇති අතර මියගිය තැනැත්තියගේ සිරුර රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

Related posts

හිස්වූ නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන, අලි සාහීර් මවුලානාට

Admin

රටේ කිසිම ලුණු හිඟයක් නෑලු

Admin

ක්‍රීඩා ඇමති ක්‍රිකට් තේරීම් කමිටුව හමුවෙයි

Admin

වසර තුනහමාරටකට පසුව වැඩිම සංචාරකයන්ගේ පැමිණීම නොවැම්බරයේ

Admin

වී කිලෝව රු16 යි – ගොවියෝ වහ බොන්න යයි!

colombotoday

රාජ්‍ය අමාත්‍යවරු හතරක් එළියට

Admin