Colombo Today Local News

කහටගස්දිගිලිය, නාගිරිකන්ද පුරාවිද්‍යා රක්ෂිතය දිවුල්වැව මුස්ලිම් ගම්මානයට බිලිවෙයි. බලධාරීන් නිහඬයි

කහටගස්දිගිලිය රත්මල්ගහවැව මාර්ගයේ අලුත් දිවුල්වැව මුස්ලිම් ගම්මානයට මායිම්ව පිහිටා ඇති නැට්ටුක්කන්ද (නැටුම් කන්ද) පුරාවිද්‍යා රක්ෂිතයේ නිවාස සියයකට ආසන්න සංඛ්‍යාවක් ඉදිකර ඇතැයි අවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 201 කොක්මඩුව ග්‍රාමීය නිලධාරී වසමේ පිහිට් නැට්ටුක්කන්ද හෙවත් නැටුම් කන්ද පුරාවිද්‍යා රක්ෂිතය වංශ කතාවල සඳහන් වන්නේ ‘නාගිරිකන්ද’ නමිනි. මෙම පරිශ්‍රය ක්‍රිස්තු වර්ෂ 5 වැනි 6 වැනි සියවස්වලට අයත් පෞරාණික බෞද්ධ උරුමයක් බවත් එහි ඇති සෙල්ලිපි හා අනෙකුත් පුරාවිද්‍යාත්මක සාධක අනුව තහවුරු වී තිබේ. එහෙත් මේ වන විට එම මුළු භූමියම ආක්‍රමණය කරමින් නිවාස, මාර්ග හා පොදු ගොඩනැගිලි ආදී සියලු ඉදිකිරීම් සිදුවී අවසන් බව ගම්මු කියති.

මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උතුරු මැද සහකාර අධ්‍යක්ෂ පාලිත වීරසිංහගෙන් විමසීමේදී ඔහු මෙසේ සඳහන් කළේය.

‘‘අවුුරුදු ගණනාවක් තිස්සේ මෙතන ගෙවල් හදනවා. මේක පුරාවිද්‍යා රක්ෂිතයක්. රක්ෂිතයේ මායිම් අපි සලකුණු කරලා තියෙනවා. හෙට අනිද්දා මිනුම් කටයුතු අවසන් කරලා මේ භූමිය සුරක්ෂිත කිරීමට කටයුතු කරනවා. නීති විරෝධී ඉදිකිරීම් තිබේ නම් ඒ පිළිබඳ ඉදිරියේදී ක්‍රියාකරනවා.’’

මේ පිළිබඳව කටහගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් සිරිමෙවන් ධර්මසේනගෙන් විමසුවෙමු.

‘‘පුරාවිද්‍යා භූමියේ ඔය ගෙවල් හදලා තියෙන්නේ අද ඊයේ නම් නෙමේ. අවුරුදු ගාණක ඉඳලා. කවුරුවත් ඒ ගැන හොයලා බලලා නෑ. මේක තනිකරම පූජා භූමියක්. මම මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්. කහටගස්දිගිලියේ වැඩ බැලීමක් කරන්නේ. ඒ නිසා ඔය ගැන වැඩි විස්තරයක් මම දන්නේ නෑ. ඒ වුණත් දැන් මේ කොට්ඨාසෙ අයිති මට හින්දා මං ඒ ගැන හොයලා බලන්නම්’’ යනුවෙන් ඔහු පැවැසීය.

Related posts

විදේශ රැකියා ආයතන 13ක බලපත්‍රය අවලංගුයි.. ඕමාන්-ඩුබායිහී අතරමං වී සිටින 140ක් දිවයිනට ගෙන්වීමට පියවර

Admin

OIC ගේ මුව ආවරණය ගලවන්න ගිය රැප් ගායකයාට වැඩ වරදී…

colombotoday

බස් ගාස්තු 2.23%කින් පහතට

colombotoday

සනීපාරක්‍ෂක තුවා නොමිලේ දෙන සජිත්ගේ පොරොන්දුව මහරජා වෙනුවෙන් දෙන තුටුපඩුරක්

colombotoday

මෛත්‍රී ගුණරත්නගේ පුතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වූ පෑලියගොඩ OIC යළි සේවයේ පිහිටුවයි

colombotoday

තවත් කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු හදුනා ගැනේ

colombotoday